Featured News

Video Gossip

Advertisement


Google සමාගම විසින් ඔවුන්ගේ සේවාවන් Huawei සමාගමට ලබා දීම වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමීමට කටයුතු කළ බව අපි ඔබව අද උදෑසන දැනුවත් කළා මතක ඇති.

ඔන්න දැන් Intel, Qualcomm, Broadcom සහ Xilinx යන chip නිෂ්පාදකයන් ද නැවත දැනුම්දීමක් සිදු කරන තුරු Huawei සමාගමට තම නිෂ්පාදන අලෙවි නොකිරීමට තීරණය කර තිබෙන බව වාර්ථා වෙනවා.

මේ වන විට networking සම්බන්ධ උපාංග සඳහා ලොව විශාලතම නිෂ්පාදකයා සහ ජංගම දුරකථන නිෂ්පාදනයේදී දෙවැනියට විශාලතම සමාගම වන Huawei සමාගම සමඟින් ලොව පුරා දුරකථන සේවා සපයන සමාගම් තමන්ගේ 5G Network ඉදි කිරීම සම්බන්ධයෙන් ගිවිසුම්ගත වී ඇති අතර ඒ වෙනුවෙන් දැනටමත් විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කර තිබෙනවා.

මේ ආකාරයේ සැපයුම් අඩාල වීම නිසාවෙන් ලොව පුරා 5G Network ඉදි වීමේ කල් යෑමක් බළාපොරොත්තු විය හැකි බවත්, විශේෂයෙන්ම ඇමෙරිකාව තුල දැනටමත් සථාපිත කළ Huawei නිෂ්පාදන ඉවත් කර ඒ වෙනුවට වෙනත් නිෂ්පාදන භාවිතා කිරීමට සිදු වීමත් නිසාවෙන් බොහෝ සමාගම් වලට මෙම තත්ත්වය කනගාටුවට කරුණක් වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Xilinx ආයතනයේ නියෝජිතයෙකු TechCrunch වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබෙන්නේ, ඇමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුව විසින් Huawei සමාගමට අදාලව නිකුත් කර ඇති නියෝග වලට අනුකූලව කටයුතු කිරීම හැර මේ සම්බන්ධයෙන් වෙනත් යමක් මේ අවස්ථාවේදී ප්‍රකාශ කළ නොහැකි බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements