තව්හිද් ජමාත් සාමාජිකයන් ‘IS පුහුණුව ලැබූ දර්ශනත්’ ගම්පොලින් හමුවෙයි
gossip
,
gossip lanka
,
ISIS
,
News
ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් වූ මොහොමඩ් ඉබ්‍රහයිම් සාදික් අබ්දුල්හක් හා මොහොමඩ් ඉබ්‍රහයිම් සාහිඩ් අබ්දුල් හක් යන දෙදෙනා සැඟව සිටි ගම්පොල නගරයේ පාවහන් වෙළඳ සැල පිහිටි ගොඩනැඟිල්ලෙහි තිබී මරාගෙන මැරෙන පුහුණුව ඇතුළු සංවිධානයේ වැදගත් ලියකියවිලි හා විවිධ වීඩියෝ දර්ශන ඇතුළත් දත්ත ගබඩා චිපයක් (හාර්ඩ් ඩිස්ක්) ගම්පොල පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් ඊයේ (30) උදෑසන සොයා ගත්තා.
මෙම දත්ත ගබඩා චිපය වෙළෙඳසැලේ රහසිගත ස්ථානයක තිබී සොයා ගනු ලැබූ බෙවයි පොලිසිය සඳහන් කළේ.
මෙම දත්ත ගබඩා චීපයේ විවිධ වර්ගයේ වීඩියෝ දර්ශන ඡායාරූප හා ඔවුන්ගේ ලියකියවිලි දහස් ගණනක් මෙහි තිබී සොයා ගෙන තිබෙනවා.
මෙම දෙදෙනා ඔවුන්ගේ මාමාගේ වෙළඳ සැලේ සැඟවී සිටියදී එම කඩ හිමියා පිටතින් අගුළු දමා ගොස් තිබූ අතර ඔහුගේ නිවස ගම්පොල නුවර පාරේ සාලියාල විහාරස්ථානය පිටුපස පිහිටා පිහිටා තිබෙනවා.
මෙම දෙදෙනාගෙන් මල්ලී වන ෂාහිඩ් අබ්දුල්හක් පරිගණක විශේෂඥයකු වන අතර ඔහු ජාතික තවුහිද් ජමාත් තරුණ සංවිධානයේ මැදිහත්වීමෙන් සිරියාවට ගොස් දින 58ක යුද පුහුණුවක්ද ලබා ඇති බවයි වාර්තා වන්නේ.
සොයාගත් වීඩියෝ පටවල එම සිරියා යුද පුහුණුව ඇතුළු විවිධ පුහුණුවීම් අඩංගු වී තිබෙනවා.
මාවනැල්ල ඇතුළු අවට ප්‍රදේශවල බුදු පිළිම කැඩීමේ සිද්ධි වලදී එයට සම්බන්ධ මෙම සැකකරුවන් දෙදෙනා සිරියාවේදී යුද පුහුණුව ලබන අයුරු ,මරාගෙන මැරෙන ආකාරය හා ප්‍රහාර එල්ල කරන ආකාරය දැක්වෙන විදෙස් දර්ශන මෙහිදී සොයා ගැනුණා.

