Featured News

Video Gossip

Advertisement

පසුගිය 15වනදා පස්වරුවේ ගිනිඅවියක්ද සමග අත්අඩංගුවට ගනු ලැබූ, ISIS සංවිධානය සමග සෘජු සම්බන්ධතා පැවැත්වූවෙකු බවට තහවුරු වී ඇති පොහොට්ටු පක්ෂයේ මාබෝල කොට්ඨාශයේ සංවිධායකවරයා මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයෙකුද වන මොහොමඩ් රිස්වාන් නොහොත් තුම්පනේ රිස්වාන් නැමැත්තාගේ නිවසින් හමුදා ඇඳුම් කට්ටල කිහිපයක් හමු වී ඇති බව වාර්තාවේ.

මෙම හමුදා ඇඳුම් කට්ටල හමුවී ඇත්තේ යුද හමුදාව සහ ගුවන් හමුදාව එක්ක පෙරේදා (22) මොහොමඩ් රිස්වාන්ගේ නිවසේ සිදු කර ඇති විශේෂ සෝදිසියකදීය.

පසුගිය 15වනදා මොහොමඩ් රිස්වාන් නැමති පොහොට්ටු සංවිධායකවරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී ගිණිඅවියක්ද අත්අඩංගුවට ගෙන තිබිණි.

මේ අතර මොහු ත්‍රස්ත විමර්ශන ඒකකයට බාර නොදී වත්තල පොලිස්ථානයේ සැපපහසු බැරක්කයක තබාගෙන සිටීම සම්බන්ධයෙන් අප මීට ඉහත හෙළිදරව් කළ අතර එම හෙලිදරව්වෙන් පසු මේ වනවිට ඔහු වත්තල පොලිසියෙන් වැල්ලවත්ත පොලිසිය වෙත ගෙනගොස් එහි රඳවා සිටින බවද වාර්තා වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements