Featured News

Video Gossip

Advertisement

මිනිස් සංහාරයක් නොබෝදිනකින් සිදු විය හැකි බවට මුහුණු පොතේ යොදා ඇති සටහනකින් පසු හලාවත නගරයට පැමිණ නොසන්සුන්කාරී ලෙස හැසිරුණ පිරිසක් පළවා හැරීමට අහසට වෙඩි තැබීමට යුද හමුදාවට සිදු විය.

මුහුණු පොතේ දමා තිබූ සටහන අනුව තමන්ට කිසියම් බියක් හට ගෙන ඇති නිසා වහාම මේ සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් අද තරුණ කල්ලියක් මුලින්ම හලාවත මුලස්ථාන පොලිසිය අසලට රැස්වී මෙලෙස කළහකාරී ලෙස හැසිරෙන්නට වූහ.

එමෙන්ම පොලිසිය තම ඉල්ලිමට අවශ්‍ය පියවර ගැනීම පමා කරණ බව කියමින් පසුව යතුරු පැදි හා ත්‍රිවිල් රථවල නැග හලාවත නගරයේ කඩ විදිය වෙත ගොස් එහි පිහිටි කඩයක සිටි පිරිසගෙන් මුහුණු පොතේ යොදා ඇති සටහන පිළිබදව ප්‍රශ්න කරමින් ඇවිද ගියහ.

ඒ අතර පිරිසක් කඩ විදියේ වෙලද සැල් වසා දැමීමට උපදෙස් දුන් අතර ඒ අවස්ථාවේදී ඒ අසළට පැමිණි යුද හමුදා නිලධාරීහු අහසට වෙඩි තබා ඔවුන් පළවා හැරිමට කටයුතු කළහ.

පසුව පැයක පමණ කාලයක් ගත වන විට කලහාකාරින් විසිර ගිය අතර පසුව හලාවත පොලිසිය ද පැමිණ කලහකාරිව හැසිරුන පිරිස විසුරුවා හුරීමට යුද හමුදාවට සහය දුන්හ.

කඩ විදියේ සියලු වෙළදසැල් වහා වසා දැමු අතර වෙළද සැල්හිමියන් සිය වෙළ‍ෙසැල් අගුල් දමා නිවෙස් වෙත යනු ද දැක ගත හැකි විය. මේ වන විටත් නගරය තුළ යුද, පොලිස් නිලධාරීහු ආරක්ෂක රාජකාරිවල නිරතව සිටිති.

මේ අතර ශ්‍රී ලංකා තව්හීත් ජමාත් සංවිධානයේ හලාවත කාර්යාලය හා යාඥා කිරීමේ මධ්‍යස්ථානය ලෙස හලාවත වට්ටක්කුලිය පවත්වා ගෙන ගිය නිවසකට  මැර ප්‍රහාරයක් එල්ල වී ඇති බව හලාවත පොලිසිය කියයි.

සංවිධානය වී පැමිණි පිරිසක් කෑ කෝ ගසමින් ප්‍රථමයෙන් නිවසේ තාප්පය පෙරළා බිම දැමූ අතර පසුව පිරිස එම වත්තට ඇතුළු වී එහි තිබු නිවසේ ජනේලවල වීදුරු වලට පහර දුන් බව ප්‍රදේශවාසීහු පවසති.

පසුව හලාවත පොලිසිය හා යුද හමුදා භට පිරිස් පැමිණ කළහකාරීන් සහ එම සිද්ධිය ජායාරූප ගත කිරිමට පැමිණ සිටි මාධ්‍යවේදීන් ද පලවා හැරියහ.

මේ වන විට ප්‍රදේශය පුරා සාමය ආරක්ෂා කිරීම සඳහා හෙට (13) උදෑසන 4 වනතුරු පොලිස් ඇදිරිනිතිය ප්‍රකාශයට පත් කර තිබේ.







gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements