Advertisement

වහබ් රූපවාහිනිය නම් අන්තවාදය වපුරන නාළිකාවක් පිළිබදව පසුගිය දිනවල කතාබහට ලක්වුණා.
කේබල් රූපවාහිනී නාලිකාවක් වශයෙන් ප්‍රචලිත පීස් ටීවී නම් මෙම නාලිකාව ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් කිහිපයක ක්‍රියාත්මක වුණා.
මෙම නාලිකාව මගින් අන්තවාදී ඉස්ලාම් ඉගැන්වීම් සිදුකරන බවට හෙළිව තිබෙනවා.

ලොව පුරා ලොවපුරා ප‍්‍රචලිත පීස් ටී. වී. කේබල් රූපවාහිනී නාලිකාවද වහබ්වාදය පැතිරවීමට යොදාගෙන ඇති බවමේ වනවිට අනාවරණ වී තිබෙනවා.

මෙහි හිමිකරු වන්නේ වෛද්‍ය සාකීර් අබ්දුල් කරීම් නයික් නමැති ලෝක ප්‍රසිද්ධ අන්තවාදී ඉස්ලාම් දේශකයෙක්.
2012 වර්ෂයේදී මෙම නාලිකාව ඉන්දිය රජයද තහනම් කරනු ලැබූ අතර බංග්ලාදේශය පීස් ටී. වී. කේබල් රූපවාහිනී නාලිකාව 2016 වසරේදී තහනම් කෙරුණා.

එයට හේතුවුණේ ඩකා අගනුවරදී පුද්ගලයින් විසි දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියයි.
එමෙන්ම මේ වනවිට එම කේබල් රූපවාහිනි නාලිකාව පාකිස්තානයේද තහනම් කර තිබෙනවා. එම කේබල් රූපවාහිනි නාලිකාව තහනම් කිරිමට ඊයේ දින (29) පාකිස්තාන රජය පියවර ගත්තා.

මෙම නාලිකාවේ හිමිකරු වන වෛද්‍ය සාකීර් අබ්දුල් කරීම් නයික් නමැත්තා විසින්ම මෙම නාලිකාව හරහා දේශණ සිදුකිරීම විශේෂත්වයක්. එම දේශණයන්ට අනුව ඔහුගේ ඉගැන්වීම්වල දැක්වෙන්නේ විවාහක කාන්තාවන් සිරකරුවන් ලෙස සහ වහලුන් ලෙස සිටිය යුතු බවයි.

ඔහුගේ ඉගැන්වීම්වලට අනුව සංගීතය සහ මධ්‍යසාරද තහනම් වනවා. යමෙකු සොරකමකට හසුවුවහොත් ඔවුන්ගේ අත් කපා දැමිය යුතු බවද ඔහු සිය දේශණ හරහා සඳහන් කර ඇති බවයි පැවසෙන්නේ.

සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු සිය දේශණ පිළිබදවද දැනුවත් කරමින් සිටිනවා. ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ පමණක් සිටින පරිශීලකයින් සංඛ්‍යාව මිලියන 16 ක්. පීස් ටී. වී. කේබල් රූපවාහිනි නාලිකාවේ හිමිකරු වන අන්තවාදී සාකීර් අබ්දුල් කරීම් නයික්ගේ නිල ට්විටර් ගිණුමට එක්ව සිටින පරිශීලකයින් සංඛ්‍යාව ලක්‍ෂ එකහමාරකට අධිකයි.

මෙම නාලිකාව හරහා වහබ්වාදය ලොවපුරා ප‍්‍රචලිත කිරීම සිදුවන බව ආරක්‍ෂක අංශ තොරතුරු අනාවරණ කර ගෙන ඇති අතර Peace TV ඊයේ සිට ලංකාව තුල තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements