Advertisement

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්‍ෂ ධුරයක් දරන මුස්ලිම් කාන්තාවක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කුරුඳුවත්ත පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් අනුවයි.

අදාළ කාන්තාවගේ සොහොයුරෙකු තවුහිද් ජමාද් සංවිධානයේ සාමාජිකයෙකු බවත් අදාළ නිලධාරිණියගේ සොහොයුරා සතුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ගොඩනැගිල්ලේ සැලැස්මක් ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.

ඒ අනුව අදාළ නිලධාරිණිය රාජකාරී කරන ස්ථානය ඇතුළු සමස්ත රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ගොඩනැගිල්ලම කුරුඳුවත්ත පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පරීක්ෂාවකට ද ලක්කර තිබෙනවා.

අත්අඩංගුවට ගැණුනු රාජ්‍ය නිලධාරිණිය ප‍්‍රශ්න කිරීම් සඳහා කොළඹ දකුණ නීතිය බලගැන්වීමේ ඒකකය වෙත භාරදී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements