Featured News

Video Gossip

Advertisement

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටු පාර්ශවය අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සමඟ ඇතිකරගෙන තිබෙන බද්ධ වෛරය අන් කිසිවක් නොව 2018 ඔක්තෝබර් 26 දියත් කෙරුණු ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රණයට සහය නොදීම බව මේ වන විටත් තහවුරුවී හමාරය.

මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී,එස්. බී . දිසානායක විසින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හට කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය ලබාදෙන ඉල්ලමින් ලබාදුන් දුරකථන ඇමතුම අන්තර්ජාලයට මුදාහැර තිබේ.

ඒ සම්බන්ධව ලැබෙන දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ අදාළ ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුව පිහිටුවමින් ජනාධිපති සිරිසේන විසින් වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂව අග්‍රාමාත්‍ය ධුරය සඳහා පත්කර සිටියත් ඊට පාර්ලිමේන්තු බහුතරය නොලැබීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක දැඩි වෛරයකින් පසුවන බවය. 

ඒ එදා මෙම ඇමතුම ලබාදීමෙන් පසුව කුමන්ත්‍රණ ආණ්ඩුවේ නායකයන්ට එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා තහවුරුවක් ලබාදී ඇති අතර ඒ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා දින 52  ආණ්ඩුවට සහයදෙනු ඇති බවය. අනතුරුව පැවැත්වූ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදීද එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ නව ආණ්ඩුවට නොහ්තන පිරිසක් එකතුවනු ඇති බවත් ඒ හරහා 113ක් නොව 120ක් පමණ මන්ත්‍රීවරුන් සමඟ පාර්ලිමේන්තු බහුතරය හිමිවන බවය.

එහිදී එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා පැහැදිළිව කියා සිටින්නේ ආණ්ඩුවට එක්වීමට සිටින පිරිසෙන් කොටසක් අල්ලා දෙවියන්ගේ ආශීර්වාදය ගැනීමට මක්කම වන්දනාවේ ගොස් ඇති බවය. ඒ සමයේ රිෂාඩ් අමාත්‍යවරයා ප්‍රමුඛ ඔහුගේ මන්ත්‍රී කණ්ඩායම මක්කම වන්දනාවේ ගොස් පැමිණි නමුත් ඒ කිසිවෙක් ප්‍රජාතන්ත්‍ර විරෝධී, ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රණයට සහය දුන්නේ නැත.

ඒ අනුව අද එස්.බී . දිසානායක මන්ත්‍රීවරයා විසින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ත්‍රස්ත කටයුතු වලට සම්බන්ධ බවට මුළුමනින්ම අසත්‍ය චෝදනා කරමින් සමාජය ජාතිවාදී අදහස් වලින් ආතුර කරමින් සිටින්නේ හේතු ඇතුවය. ඒ කුමන්ත්‍රණ ආණ්ඩුවට පිරිස් දිනා ගැනීමේ එස්.බී. දිසානායක ගහපු ගේම් වැරදුන නිසා පමණක් නොව එදා  අගමැති වූ මහින්දගෙන් අම්මා මුත්තා නැතිවෙන්න කුණු බැනුම් ඇසූ බව දේශපාලන කරලියේ ප්‍රසිද්ධ කරුණක් වන නිසාය.

අදාළ හඬපටය මෙන්න.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements