පාස්කු ඉරිදා ප්‍රහාරයේ දර්ශන ඇතුළත් වීඩියෝ පට, ජංගම දුරකතන, තව්හීත් ජමාත් සංවිධානයේ නායකයාගේ සේයාරූ, වනාතවිල්ලුව ප්‍රදේශයේ පුහුණු කඳවුරක ජායාරූප හා වීඩියෝ පට ළඟ තබාගත් මුස්ලිම් ජාතිකයන් පස්දෙනෙකු කැබිතිගොල්ලෑවේදී අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගනු ලැබූ මෙම පුද්ගලයන් කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ සේවය කළද වවුනියාව, කින්නියාව සහ කන්කසන්තුරේ යන ප්‍රදේශවල ස්ථිර පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
හොරොව්පොතාන මාර්ගයේ හිජ්රාගම පොලිස් යුද හමුදා මාර්ග බාධකයක් වීඩියෝ ගතකළ බව කියන පුද්ගලයන් දෙදෙනෙකුද අත්අඩංගුවට පත්වූවන් අතර සිටින බව පොලිසිය සඳහන් කළේය.
සැකකරුවන් අද(01) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
යුද හමුදාව සහ පොලිසිය එක්ව පරීක්ෂණ පවත්වයි.
මේ අතර මහනුවර අකුරණ ප්‍රදේශයේ යුද හමුදාව විසින් සිදුකළ මෙහෙයුමකින් තවුජිත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරීන් 13දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.








