Featured News

Video Gossip

Advertisement

බන්ධනාගාරගතව සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සහ බුද්ධි අංශයේ නිලධාරීන් කිහිපදෙනා වහාම නිදහස් කරන ලෙස

රජයට බලපෑම් කිරීම සඳහා දිවයින පුරා විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කිරීමට අන්තවාදී සංවිධාන කිහිපයක් මේවනවිට සාකච්ජා පවත්වමින් සිටින බව  විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

මේ සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේදී බොදු බල සේනා සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා ඊට දැඩි ලෙස විරෝධය පළකර ඇති බවත්, ඥානසාර හිමියන්ගේ නම යොදා ගනිමින් ජාතිවාදී කෝලාහලයක් ඇති කිරීම මෙවැනි පුද්ගලයින්ගේ අරමුණ විය හැකි බවට ඔහු සිය සංවිධානයේ ක්‍රියාකාරී හිමිවරුන්ට අනතුරු අඟවා ඇති බවත් වාර්තාවේ.

ඥාණසාර හිමියන්ට ලබාදී ඇති නඩු තීන්දුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා රජයේ නියෝජිතයින් සමග මෙන්ම දේශපාලන පක්ෂ, ආගමික නායකයින් හා සිවිල් සංවිධාන තවදුරටත් දැනුවත් කිරීමේ අවශ්‍යතාවය දිලන්ත විතානගේ මහතා මෙහිදී සිය සංවිධානයේ නියෝජිතයින්ට පැහැදිලි කර ඇතැයි ද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සම්බන්ධයෙන් ලබාදී ඇති නඩු තීන්දුවේ දී මුලික කරුණු ගනනාවක් නොසලකා හැර ඇති බව සඳහන් කරමින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බොදු බල සේනා සංවිධානය, වෙසක් පොහොය දිනයේදී උන්වහන්සේ නිදහස් කරන ලෙස ඉල්ලීම් කර තිබිණ.

ජනාධිපති, ඥාන්සාර හිමි බැහැදැකීමට ගිහින් !

මේ අතර දිලන්ත විතානගේ මහතා සමාජ මාධ්‍ය හරහා සටහනක් තබමින් පවසා ඇත්තේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊ‌යේ (18) දිනයේ තම සංවිධානයේ නායක හිමියන් බැහැදැකීමට වැලිකඩ බන්ධනාගාර රෝහලට ගොස් ඇති බවයි.

එම සටහනේ මෙසේ සඳහන් වේ.

''ඊ‌යේ දින බන්ධනාගාරයට පැම්ණි ජනාධිපතිවරයා බන්ධනාගාර රෝහලට පැමිණ බොදු බල සේනා නායක පූජ්‍ය රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඤාණසාර හිමිගේ සුවදුක් විමසා තිබෙනවා. විනාඩි 45 පමණ රටේ තත්වය හා උන්වහන්සෙට සිදුවු අසාධාරණය පිළිබඳව මෙම අතිශය පෞද්ගලික සාකච්ඡා වේදී කතාබහ වී ඇති බවට සැක පහල කරනවා.''

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements