Featured News

Video Gossip

Advertisement

මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අසත්‍ය ප‍්‍රකාශ ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා ලබන 7 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප‍්‍රකාශ ලබාදෙන ලෙසට අමාත්‍ය රවි කරුණානායක මහතාට හා ඔහුගේ බිරිඳ වන මෙලරින් නිලන්ති කරුණානායක මහත්මියට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (20 දා* නියෝග කළාය.

ලබන 26 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප‍්‍රකාශයක් ලබාදෙන ලෙසට රවි කරුණානායක මහතාගේ දියණිය වන ඔනෙලා කරුණානායකට ද ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය එහිදී නියෝග කළාය.

2017 වසරේ අගෝස්තු 2 වැනිදා මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභාව හමුවේදී අසත්‍ය ප‍්‍රකාශ ලබාදුන් රවි කරුණානායක මහතාට ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් නිකුත් කළ විමර්ශන වාර්තාවේ 25 වන නිර්දේශය මගින් නීතිපතිවරයාට උපදෙස් ලබාදී තිබුණි. එකී නිර්දේශය අනුව නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු වාර්තා කර විමර්ශන ආරම්භ කර ඇති බවත් රවි කරුණානායක, මෙලරින් නිලන්ති කරුණානායක හා ඔනෙලා කරුණානායක යන අයගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය වන නමුත් ඔවුන් හිතාමතාම ප‍්‍රකාශ ලබාදීම මගහරින බව පෙනී යන බවත් පෙන්වා දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නදී සුවදුරුගොඩ මහත්මිය කළ ඉල්ලීමක් සලකා බැලූ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය එම නියෝගය කළාය.

ලබන 25 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට රවි කරුණානායක මහතාගේ පවුලේ සාමාජිකයන්ට අයත් ග්ලෝබල් ට‍්‍රාන්ස්පොටේෂන් ලොජිස්ටික් සමාගම ඇතුළු සෙසු සමාගම්වල ආදායම් වියදම් ඇතුළු විස්තර වාර්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසට ද මහෙස්ත‍්‍රාත්වරිය එහිදී ඔනෙලා කරුණානායකට නියෝග කළාය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ලබාගත් නියෝග උපයෝගි කර ගනිමින් අදාළ සමාගම් පහට අමතරව වෙනත් පරිබාහිර සිද්ධීන් සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරන බැවින් ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් ලබාදෙන ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත ජයවර්ධන මහතා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිිටියේය.

තම අධිකරණය විසින් රවි කරුණානායක මහතාට හා ඔහුගේ බිරිඳට නිකුත් කළ නියෝග ඔවුන් වෙත දැනුම්දීමට පියවර ගන්නා ලෙසටද ලංකා ජයරත්න මෙනවිය එහිදී නීතිඥ සජිත ජයවර්ධන හා නීතිඥ අමිල පීරිස් යන මහත්වරුන්ට නියෝග කළාය. නීතිඥ අමිල පීරිස්, අරවින්ද ගමගේ, දයාල් වන්නිආරච්චි හා ප‍්‍රදීප් මංගල යන නීතිඥ මණ්ඩලය සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත ජයවර්ධන මහතා විත්තිය නියෝජනය කළේය.

පසුගිය වසරේදී අධිකරණයට කරුණු වාර්තා කොට ලබාගත් නියෝග අනුව ආරම්භ කළ එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන දිගින් දිගටම ප‍්‍රමාද වීම කෙරෙහි දැඩි අවධානය යොමුකළ නීතිපතිවරයා විසින් ලබාදුන් නියෝග අනුව මෝසමක් මගින් අධිකරණයට කරුණු දැක්වීමට රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය පියවර ගෙන තිබුණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements