Featured News

Video Gossip

Advertisement

විපක්‍ෂ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මීළග පක්‍ෂ මහා සම්මේලනයේදී පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා නම් කරනු ඇතැයි හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.

මාතර ප‍්‍රදේශයේදී බැසිල් රාජපක්‍ෂ මහතා හමු වූ මාධ්‍යවේදීන් පිරිසක් විසින් කළ විමසීමකදී ඔහු මේ බව ස`දහන් කළේය.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මීළග පක්‍ෂ මහා සම්මේලනය ලබන අගෝස්තුවේදී කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට දැනට නියමිතව ඇත. මේ දිනවල ඒ ස`දහා අවශ්‍ය කටයුතු සැලසුම් කෙරෙමින් තිබෙන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයෙක් ස`දහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මීළඟ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කරනු ලබන ඕනෑම අයකුට කොන්දේසි විරහිතව සහාය දැක්වීමට මේ වන විට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ සියලූම දෙනා එක`ගතාවකට පැමිණ තිබෙන බවද හෙතෙම පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements