Advertisement

යුධ හමුදා බුද්ධි බලකායේ මේජර්වරයෙකු ලෙස පෙනී සිටිමින් අන්තවාදී ක්‍රියාවල නිරත වූ පුද්ගලයෙකු මොරටුව, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ සිදුකළ වැටලීමක දී සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත මොහම්මදු නිසාර් ඉම්රාන් නොහොත් ජෝන් වෝල්ක් නමැති අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු හමුදා බුද්ධි බලකායට සම්බන්ධ බව පවසමින් විවිධ නම්වලින් පෙනී සිට ප්‍රදේශවාසීන් මුලාකර ඇතැයි වාරතා වේ.

සැකකරු සතුව තිබී යුධ හමුදාව භාවිත කරන කමිස තුනක්, කඩුවක්, ඩ්‍රෝන යානාවක්, ජංගම දුරකතනයක්, කැමරා දෙකක්, ලැප්ටොප් පරිඝණක 03ක් ඇතුළු උපකරණ තොඟයක් ද විශේෂ කාර්යය බලකාය භාරයට ගෙන ඇත.

සැකකරු සම්බන්ධ වැඩිදුර විමර්ශන සංවිධාන අපරාධ නිවාරණ කොට්ඨාසය මගින් සිදුකරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements