බදියුදීන්, හිස්බුල්ලා, අසාද් සාලි ඉවත්කරන්න හෙට දහවල් 12 වෙනකම් දෙනවා - නැත්තම් බලාගන්න පුළුවම් -ඥානසාර හිමි ආණ්ඩුවට තර්ජනය කරයි
Gnanasara Thero
,
local
,
News
,
video
දළදා මාලිගාව ඉදිරියේ මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති පුජ්‍ය අතුරලියේ රතන මන්ත්‍රී හිමියන්ට සහයෝගය පල කිරීමට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම ස්ථානයට අද (02) වැඩම කළේය.
ස්වාමීන්වහන්සේලා දෙනම අතර කෙටි සාකච්ඡාවක්ද පැවැත්වීණ. රතන හිමියන් පසුගිය 31 දා සිට මෙම උපවාසයේ නිරතව සිටිති.
අනතුරුව රැස්ව සිටි පිරිස ඇමතු ඥානසාර හිමියන්, හෙට දහවල් 12 වීමට පෙර බදියුදීන්, හිස්බුල්ලා, අසාද් සාලි යන තිදෙනා දරන තනතුරුවලින් ඉවත් කිරීම සදහා ආණ්ඩුවට කාලය දෙන බව කියා සිටියහ. එම කාලය තුල අදාල කටයුත්ත නොකලහොක් රට පුරා සියළු සංඝයා වහන්සේලා එකතුව අරගලයක් ආරම්භ කරන බවද උන් වහන්සේ කියා සිටියහ.
එම කාලය තුල අදාල කටයුත්ත නොකලහොක් රට පුරා සියළු සංඝයා වහන්සේලා එකතුව අරගලයක් ආරම්භ කරන බවද උන් වහන්සේ කියා සිටියහ.
මුස්ලිම් අන්තවාදයට එරෙහිව අරගල කරන ඕනෑම පාර්ශවයකට කොන්දේසි විරහිතව සහාය දෙන බවද උන් වහන්සේ කීහ.
“ හෙට දොළහට කළින් උත්තරයක් දෙන්න නැත්නම් ඉතිං මුළු රටේම සැණකෙළි බලාගන්න පුළුවන් “ යයි උන්වහන්සේ තර්ජනාත්මක පැවසුහ.

