Featured News

Video Gossip

Advertisement

නැගෙනහිර මැතිවරණයට හිස්බුල්ලා මහතා තරග කළේ සහරාන් හෂීම් සමග ගිවිසුමක් අත්සන් කළ බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ඊයේ (11)  විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්කි දෙමින් කියා සිටියේය.

සහරාන් බිහිවන්නේ නැගෙනහිර මැතිවරණය සමග බව කී අසාද් සාලි මහතා එම මැතිවරණයට තරග කරන සියලූ දෙනා ඔහු සමග ගිවිසුමක් අත්සන් කළ යුතු බවට සහරාන් පැවසූ බවද කීය.


ඒ අනුව එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා සහරාන් සම`ග ගිිවිසුම් අත්සන් කළ බව කී අසාද් සාලි මහතා කාත්තන්කුඩියේ ජනතාව පසුවූයේ සහරාන්ට බියෙන් බවද කීය.

කාත්තන්කුඩියේ සම්ප‍්‍රදායික මුස්ලිම් නිවාස 120 ක් සහරාන් විසින් ගිනි තැබූ බවද ඒ සම්බන්ධව සහරාන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ කාත්තන්කුඩිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක් ලබාදුන් බවද අසාද් සාලි මහතා කීවේය.

මේ සම්බන්ධව ජනාධිපතිවරයාට ද කිහිප අවස්ථාවකදී පැමිණිලි කළ බව අසාද් සාලි මහතා ප‍්‍රකාශ කළේය.

සහරාන් විසින් සිදුකළ ත‍්‍රස්තවාදී කටයුතු සම්බන්ධව පොලිසියට පැමිණිලි කළ ද පොලිසිය සිටියේ ද සහරාන් සම`ග බව අසාද් සාලි මහතා කීවේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements