Featured News

Video Gossip

Advertisement

අද (11) දිනයේ පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීම නොපැවැත්වෙනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ කැබිනට් රැස්වීම පැවැත්වීම ඇතුළු කාරණා කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ (10) රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර තීරණාත්මක සාකච්ඡාවක් ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට ගෙන තිබූ තීන්දුව දින නියමයකින් තොරව කල් දැමීම නිසාය.

කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියාවන ජනාධිපතිවරයාගේ සහභාගිත්වයකින් තොරව කැබිනට් රැස්වීමක් පැවැත්වීම නීත්‍යනුකුල නොවන බවද මේ අතර වාර්තා වේ.

පසුගිය 08 වැනිදා රාත්‍රියේ හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, පාස්කු ඉරිදා (21) ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් බරපතල විවේචනයක් සිදුකර ඇති අතර තවදුරටත් එහි කටයුතු තමා ඉලක්ක කරගෙන පවත්වා ගෙන ගියහොත් කැබිනට් මණ්ඩල රැස්වීම් වලට සහභාගී නොවන බව දැනුම් දී තිබිණ.

පාර්ලිමේන්තු කාරක සභාව හරහා පාස්කු ඉරිදා (21) ඛේදවාචකයේ වගකීම තමා මත පැටවීමට අගමැතිවරයා සැලසුම්කර ඇති බව ජනාධිපතිවරයාගේ අදහස වී ඇති බවට පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පල විය.

ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් පසුගියදා දුරකථනය ඔස්සේ අගමැතිවරයාට බැණ වැදි තිබුණ බවත්, ඉන් පසුව ඔවුන් අතර කතා බහද නතරවී ඇතැයි මේ අතර වාර්තා වේ.

කෙසේවුවද, මොවුන් දෙදෙනාගේ විරසකය අවසන් කිරීමට මලික් සමරවික්‍රම මහතා ප්‍රමුඛ අමාත්‍යවරු පිරිසක් දෙදෙනා සමඟම සාකච්ඡා කරමින් වෙහෙසෙමින් සිටින බවද පැවසෙ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements