Featured News

Video Gossip

Advertisement

ඉදිරි ජනාධිපතිවරණයෙන් පැන යෑමට ආණ්ඩුව නොයෙකුත් අශිෂ්ට උපාය උපක‍්‍රම යෙදුවත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය කිසිසේත් කල්දැමිය නොහැකි බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 31,3 වගන්තියෙන් ජනාධිපතිවරණය පැවැත්විය යුතු කාලවකවානු නිශ්චිත කර තිබෙන බවත් ඒ අනුව එළැඹෙන දෙසැම්බර් 9 ට පෙර මැතිවරණය පැවැත්විය යුතු බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය. 

එසේ වුවත් සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 2 වැනිදා ආරම්භ වන බැවින් හරියටම අද සිට දින 153 කට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් ඒ ගැන ජනතාව සැකයක් ඇතිකර ගත යුතු නැති බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.

ජනාධිපතිවරණයට නාම යෝජනා භාර ගැනීම තව දින 126 කින් උදාවන බවත් ඒ අනුව කුමන උප්පරවැට්ටි යෙදුවත් ජනාධිපතිවරණයෙන් පැනයෑමට ආණ්ඩුවට නොහැකි බව තමා වගකීමෙන් ප‍්‍රකාශ කරන බවද ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

බරපතළ ලෙස ගිලන්ව දේශපාලන වශයෙන් බූන්වත් භාවයට පත්ව සිටින ආණ්ඩුව මැතිවරණවලට බියෙන් සිටින බව බත්තරමුල්ල නෙළුම් මාවත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී ඊයේ (17 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

අනුර බාලසූරිය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements