Featured News

Video Gossip

Advertisement

විභාග සහතික ගන්න පෝලිමේ අධ්‍යාපන අමාත්‍යාංශයට දිනකට අට සියයක් පමණ ආව එක නවත්වන්න වගේම, ඒ සහතික ඔබගේ නිවසටම පැය 24 කින් ගෙන්වා ගන්න අපේ උපදෙස් මත නිර්මාණශීලීව තාක්‍ෂණය උපයෝගී කරගෙන තියනවා යැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

කුලියාපිටිය සුරධූත බාලිකාවේ ළගම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 37 ක වියදමින් ඉදිකිරීමට යෝජිත දෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා එ් බැව් පැවසීය. ඉකුත් 15 වැනිදා මෙම උත්සවය පැවැත්විණි.

එහිදී ඇමැතිවරයා මෙසේද පැවසීය.

අද වන විට අධ්‍යාපනයේ නිර්මාණශීලී වෙනසක් ඇති කරලා තියෙන්නේ අපි පමණක් එක තැන කැරකි කැරකී නොසිට ලෝකය එක්ක දිව යන්න අවශ්‍යයි යන සංකල්පයෙන්. එහිදී අපිට පුළුවන් වුණා විප්ලවීය වෙනසක් ඔබේ දරු දැරියන් වෙනුවෙන් සිදුකරන්න.

එ් වගේම අපි තීරණය කළා ජාතික පාසල් විභාගවල දිවයිනේ ප‍්‍රථම දෙවැනි, තෙවැනි ආදී ස්ථාන මින් පසු තෝරා නොගන්න. සමත් හැම දෙනාම සමත් ලෙසත් අසමත් හැම දෙනාම අසමත් ලෙසත් මිස එතනින් හොඳම කෙනා තෝරන ක‍්‍රමවේද නැවැත්විය යුතුයි. සාමාන්‍ය පෙළ, උසස් පෙළ විතරක් නෙවෙයි ශිෂ්‍යත්වයටත් එ්ක පොදුයි.

මෙවැනි නිර්මාණශීලී කාර්යභාරයකට අවශ්‍ය වන්නෙ කොන්ද කෙළින් තියාගෙන සෘජු තීන්දු තීරණ ගැනීමේ හැකියාවක්. අන්න එ්කයි අපි හැමදාමත් අපිට සමාජජාලාවල මොන විදිහට 

ගැහුවත් අපේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නංවන්නේ. සුරක්‍ෂා රක්‍ෂණය ගැන කිය කියා අපිට මොන විදිහට ගැහුවත් අද වෙනකොට මේ රටේ ලක්‍ෂ 45 ක දරුවන්ගෙ දෙමාපියන් ස්වාභාවික මරණයකට ලක්වුවත් ගෙවන්න කියලා අපි දැනුම් දුන්නා. වොක්ස්වැගන් කියලත් මට ගහනවා දිගටම නම මොකක් වුණත් එක වසරකින් දෙසීයක් ක් පුහුණුව ලබන කර්මාන්ත ශාලාවක් ඉදිවෙනවා. පළාත් සභාවල අනුමැතිය දෙන්න ප‍්‍රමාද නිසයි එ්ක පරක්කු වුණේ.

මේක සිංහල බෞද්ධ රටක්, මමත් සිංහල බෞද්ධයෙක්. අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය එක්ක අනෙකුත් ජාතීන් ජීවත් වුණා. එ් නිසා තමයි මොහිදින් බෙග් මැතිතුමාලා බුද්ධං සරණං ගච්ඡුාමි කියලා කිව්වෙ. අන්න එ් සහයෝගය අපි අතර තියෙන්න ඕනෙමයි. 83 කළු ජූලිය ජාතිවාදීව ඇතිකර නොගත්තනම් අපේ රටත් සිංගප්පූරුව වගේ දියුණුවෙලා, යැයි පැවසීය.

මෙම අවස්ථාවට කුලියාපිටිය සුරධූත විදුහලේ විදුහල්පති කන්‍යා සොයුරිගේ ආරාධනයෙන් මීසම් පාලක පියතුමන් ඇතුළු මහජන නියෝජිතයින්, දෙමාපියන්, සිසු දැරියන් විශාල පිරිසක් එක්ව සිටියහ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements