Featured News

Video Gossip

Advertisement

ඔස්ටේ‍්‍රලියාව සමග පැවැති එක්දින තරගයෙන් පසුව වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග නැවතත් ශ‍්‍රී ලංකාව බලා පිටත්ව ගිය අතර ඊට හේතුව වන්නේ ඔහුගේ නැන්දණියගේ හත් දවසේ දානමය පිංකමට සහභාගි වීමට බව ඔහු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දන්වා තිබේ.

මීට පෙර නැන්දණියගේ අවමංගල්‍ය කටයුතුවලට සහභාගි වීමට දිවයිනට පැමිණි ලසිත් මාලිංග යළිත් කණ්ඩායමට එක් වූයේ ඔස්ටේ‍්‍රලියාව සමග තරගයට පෙර දිනයේදීය. දානමය පිංකමට සහභාගි වීමෙන් පසුව යළිත් මාලිංග ශ‍්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට ඇත්තේ ලබන 19 වැනිදාය. එංගලන්තය සමග පැවැත්වෙන තරගයට දින දෙකකට පෙර ඔහු කණ්ඩායම සමග එක්වනු ඇතැයි කළමනාකාරිත්වය පවසයි.

අවමංගල්‍යකට සහභාගිවීම හදිසි අවස්ථාවක් වුවද ලෝක කුසලාන තරගාවලියකදී හත්දවසේ දානමය පිංකමට සහභාගිවීම සම්බන්ධයෙන් ඔහු යළිත් කරන ලද ඉල්ලීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අවසරය ලබාදී තිබේ. ඒ අනුව මාලිංගට පුහුණු සැසි කිහිපයක් මගහැරී යනු ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements