Featured News

Video Gossip

Advertisement

පසුගියදා ජනපති සමාව හිමිවූ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ මේ වනවිට දේශපාලනික වශයෙන් හැසිරෙන ස්වරූපය උන් වහන්සේ සිරගතවන්නට ප්‍රථමයෙන් පැවති තත්වයට වඩා වෙනස් මුහුණුවරක් ගෙන තිබේ.

විශේෂයෙන් මහින්ද - ගෝඨාභය හිතවාදි කඳවුරක මතවාද වෙනුවෙන් පෙනී සිටි බව කියැවුණත් උන් වහන්සේ මෛත්‍රී ප්‍රමුඛ ශ්‍රී ලනිප පාර්ශවයෙ පක්ෂපාතියෙකු ආකාරයට හැසිරෙන බව දැන් පෙනෙන්නට තිබේ. ඊයේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සමග කතරගම කිරිවෙහෙරේ සංචාරයකටද උන් වහන්සේ එක්ව තිබුණි.

මේ අතර රාජගිරිය නාවල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමක නිරතව සිටි පොලිස් නිලධාරියකුට අසභ්‍ය වචනයෙන් බැන වැදී රාජකාරියට බාධාකිරීම යන චෝදනා මත සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවක්ද ලැබ සිටින ඥානසාර ස්වාමීන් වහන්සේට පනවා තිබූ විදේශ ගමන් තහනම් නියෝගය තාවකාලිකව අත්හිටුවන ලෙසට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නිරංජනා ද සිල්වා මහත්මිය පසුගිය 7 වැනිදා මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී නියෝග කළාය.

ජපානයේ පැවැත්වෙන වැඩමුළුවක් සඳහා සහභාගි වීමට අවශ්‍ය වන බව පවසා ඒ සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිකරණයේ පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙසට නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම වැඩමුළුව සඳහා 2018 වසරේ සිට 2021 වසර දක්වා කාලය තුළ සහභාගි වීම සඳහා ජපන් රජය මඟින්ද අවසර පත්‍රයක් ලබාදී ඇති බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා අධිකරණයේ ප්‍රකාශ කර සිටියේය.

ඒ අනුව ඉදිරියේදී උන් වහන්සේ කලකට විදෙස් ගතවනු ඇති බවත් වාර්තාවේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements