Advertisement

පුද්ගලයන් දසදෙනකු විසින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව ඇමරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්ත මධ්‍යම දිස්ති‍්‍රක් අධිකරණයට පැමිණිලි දහයක් ඉදිරිපත් කර තිබේ.

දෙමළ ජාතිකයන් අට දෙනකුගෙන් සහ සිංහල ජාතිකයන් දෙදෙනකුගෙන් සමන්විත මෙම පිරිස පෙරේදා (26 වැනිදා) අදාළ පැමිණිලි ඉදිරිපත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය නම් වූ නීති සමාගමක් හරහා මෙම පැමිණිලි කැලිෆෝනියා අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම්වරයාව සිටි ඉකුත් 2005-2015 අතර කාලයේ සිදු වූ බව කියන සිදුවීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇත.

ඉකුත් අපේ‍්‍රල් මාසයේදීද මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දියණිය සහ තවත් පුද්ගලයන් දෙදෙනකු විසින් මේ අන්දමට ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව ඇමරිකානු අධිකරණයකට පැමිණිලි ඉදිරිපත් කර තිබිණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements