Advertisement

රාජ්‍ය සේවකයින්ගේ කාර්යාල ඇඳුම් සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කිරිමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පසුගියදා  (25) පෙරවරුවේ පැවති කැබිනට්  රැස්වීමේදී රාජ්‍ය සේවකයින්ගේ කාර්යාල ඇඳුම් සම්බන්ධයෙන් වන නව චක්‍රලේඛය සඳහා රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අනුමැතිය හිමිවී තිබේ.


ඒ අනුව රාජ්‍ය සේවයේ කාන්තාවන්ට සාරිය, ඔසරිය අමතරව වෙනම ඕනෑම සංවර ඇඳුමක් ඇඳීමට අවස්ථාව ලැබෙන අතර මුහුණ ආවරණය නොවන පරිදි එම ඇඳුම් ඇදිය යුතු වේ.

රාජ්‍ය සේවිකාවන්ට සාරිය, ඔසරිය මෙන්ම කාන්තාවන්ට සුදුසු එහෙත් හඳුනා ගැනීමට බාධාවක් නොවන මුහුණු ආවරණය නොවන පහසු ඇඳුමක් ඇඳීමට අවස්ථාව ලබාදීමට ඒ අනුව තීරණය විය.

රාජ්‍ය සේවක ඇඳුම සම්බන්ධයෙන් රාජ පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයක් මතභේදයට තුඩු දුන් අතර, එම ගැටලුකාරී තත්වයන් විසදීමට අදාළව මෙම සාකච්ඡාව සිදුකර ඇත. 

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements