Advertisement

කුවේට්හි රියදුරු රැකියා සදහා ගොස් පොරොන්දු වූ පරිදි එරටදී ප්‍රතිලාභ හිමි නොවූ ශ්‍රමිකයින් 35ක පිරිසක්  පසුගියදා (25) උදෑසන UL 230 දරන ගුවන් යානයෙන් දිවයිනට ගෙන්වා ගන්නා ලදී.

මෙම ශ්‍රමිකයින් කුවේට්හි රියදුරු සේවය සදහා ගිය පසු, තමන් මෙරටදී ගිවිසගත් සේවා ගිවිසුමේ පරිදි නිසි වැටුප් හා පොරොන්දු වූ පරිදි සේවා වරප්‍රසාද නොලැබෙන බව සදහන් කරමින් තානාපති කාර්යාලය වෙත පැමිණිලි කර ඇත.

මේ පිළිබදව විදේශ රැකියා අමාත්‍යවරයාටද තොරතුරු වාර්තා වී තිබූ අතර, ඔහු විසින් මෙම ශ්‍රමිකයින් පිළිබදව පෞද්ගලිකව සොයා බලා අවශ්‍ය පියවර ගැනීම සදහා තානාපති කාර්යාල නිළධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස (18) දින ශ්‍රමිකයින් සිව් දෙනෙකු දිවයිනට පැමිණි අතර, දිවයිනට පැමිණීමට නියමිතව තිබූ අනෙක් පිරිස අද දින දිවයිනට ගෙන්වා ගැනීමට හැකිවී තිබේ.

මෙම ශ්‍රමිකයින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා නිසි පරිදි විදේශ ගතවීම හේතුවෙන් ඔවුන් පිළිබදව සොයා බැලීම සදහා තානාපති කාර්යාලයට හැකිවිය. එහෙයින් රැකියා සදහා විදේශ ගතවන සියළුම ශ්‍රමිකයින් සිය ආරක්ෂාව වෙනුවෙන් කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ ගතවන මෙන් කාර්යාංශය ඉල්ලා සිටියි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements