Featured News

Video Gossip

Advertisement

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා වන පරිදි ඉදිරි තත්ත්වයන් මත ගෞරවාන්විත තීරණයක් තමා ගන්නා බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා නියෝජිතයන් සමග ඊයේ(19දා) පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡුාවකට සහභාගිවෙමින් ජනාධිපතිවරයා එසේ සඳහන් කර ඇත. 

එහිදී කාන්තා නියෝජිතවරියන් සියලූ දෙනා නැවතත් ජනපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලූ නියෝජිතයින් ආරක්ෂා වන පරිදි ගෞරවාන්විත තීරණයක් තමා ගන්නා බව ජනාධිපතිවරයා සඳහන් කළ බවත් හෝමාගම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී උදේශි ගුණරත්න මහත්මිය ‘දිවයින’ට පැවැසුවාය. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු සහ පළාත් පාලන නියෝජිතවරියන් මුහුණ දෙන ගැටලූ සම්බන්ධව ද එහිදී සාකච්ඡුා කළ බවත් නැවත එක්සත් ජාතික පක්ෂය සමග එකතු වීමට සියලූ දෙනා අකැමැති බව ජනාධිපතිවරයාට දැනුම් දුන් බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය. 

එම අවස්ථාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළු මන්ත‍්‍රීවරුන් රැසක් සහභාගි වී ඇත.


අරුණ බෝගහවත්ත

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements