Featured News

Video Gossip

Advertisement

පෞද්ගලික න්‍යාය පත්‍රයකින් තොරව රට වෙනුවෙන් ඉදිරිපත් වන අපේක්ෂකයෙකුට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබා දීමට තමන් සුදානම් යැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහා ලේකම් තිස්ස අත්තනායක පවසනවා.

හලාවත - මුන්නේශ්වරම් දේවාලයේ පැවති ආගමික වතාවත් වලට සහභාගි වීමෙන් අනතුරුව හිටපු මහා ලේකම්වරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසුවා.

තව දුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහා ලේකම් තිස්ස අත්තනායක මහතා මෙසේද පැවසීය.

නව අපේක්ෂකයෙකුට ඉඩ දිය යුතුයි කියලා එක්සත් ජාතික පක්ෂය තුළ ලොකු හඩක් තිබෙනවා. ඒ අතර සජිත් ප්‍රේමදාසල,කරූ ජයසූරිය යන මහත්වරුන්ගේ නම් කියවෙන බව ඇත්ත. එය තීරණය කිරීමට තිබෙන්නේ පක්ෂයට නමුත් තව මාස තුනක් හතරක් යන්න කලින් මේ සම්බන්ධයෙන් පක්ෂය තීරණයක් අරගත යුතුව තිබෙනවා. මොකද රටට දැන් අවශ්‍ය වන්නේ රට බලා ගන්න නායකයෙක්.

මම දැන් නිදහස් පුද්ගලයෙක්ගමම දැන් බලන්නේ රටේ අනාගතයට කුමක් සිදු වේවිද කියලයි.රටට අවශ්‍ය දේශපාලන ස්ථාවරත්ව මුලින්ම ගොඩ නැගිය යුතුයි.පසුගිය මාස තුන හතරක කාලයක් ගත්තොත් රට අරාජික තත්ත්වයට යමින් සිටින බවට පැහැදිලියි. අවශ්‍ය වන්නේ ඉන් රට ගලවා ගැනීමට උත්සාහ කරන පිළිගත හැකි නායකයෙක්. ඒ කව්රුන්ද යැයි කියන්න තවම කාලය වැඩියි කියලයි මම විශ්වාස කරන්නේ.

මෙහිදී මධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු දුන් හිටපු මහා ලේකම්වරයා මෙසේද පැවසීය.

ජනාධිපති අපේක්ෂකයෙකු වන්න අවශ්‍ය කරණ මූලික සුදුසුකම් සියල්ල මටත් තිබෙනවා.මොකද ජනාධිපතිවරු බිහි වන්නේ රටේ ඕනෑ එපාකම් තේරුම් ගත් අයයි.ඒ නිසා මට සුදුසුකම් සහ අවශ්‍යතාවය තිබෙන බව රටේ හැම කෙනෙක්ම දන්නවා.

සමන්ප්‍රිය ජයශාන්ත

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements