Advertisement

වඩු මඩු අලුතින් ලියාපදිංචි කිරීම අත්හිටුවීමට සහ විදේශයෙන් ආනයනය කරන යාන්ත්‍රික කියත් මෙරටට ගෙන්වීම වැලැක්වීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා පැවසීය.

ඊ‌යේ (06) පෙරවරුවේ කොළඹ පැවති ජගත් පරිසර දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කලේ ගස් කැපීම සඳහා භාවිත කරන යන්ත්‍ර ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන බවයි.

ජගත් පරිසර දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊ‌යේ පෙරවරුවේ පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ.

"ගිය සතියේ පරිසර අධිකාරියේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මම කිවුවා වහාම කැබිනට් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ගේන්න ලංකාවට පිටරටින් ගේන ගස් කපන මැෂින් ගෙන ඒම තහනම් කරන්න.

ලෝකයේ පරිසර සංරක්ෂණය පිළිබඳව තද නීති රීති තියෙන රටවල්වල ගස් කපන මැෂින් සම්පූර්ණයෙන් තහනම්.

ලංකාවේ ලොකු සල්ලිකාරයෝ ලොකු ලී මෝල් දාලා තියෙනවා.

එසේ නැති අය අතේ ගෙනියන මැෂින් පාවිච්චි කරනවා. දුප්පත් අය වඩු මඩු දානවා.

මම වඩු මඩුවත් තහනම් කරනවා. පිටරටින් ගේන ගස් කපන මැෂිනුත් තහනම් කරනවා.

ලී මෝල්වලටත් අවුරුදු 5ක කාලයක් දෙනවා ව්‍යාපාරිකයින්ට වෙනත් ජොබ් එකක් හොයාගන්න." යනුවෙන් ප්‍රකාශ කර සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements