Advertisement

‘හෙට භයානක දවසක්... කුමක් හෝ සිදුවිය හැකියි’ කියා රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්‍ෂවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා අපේ‍්‍රල් 20 දා රාත‍්‍රියේ තමන්ට දුරකථනයෙන් දැනුම් දුන් බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (06 දා* පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්කි දෙමින් ප‍්‍රකාශ කළේය.

ඉන් පසුදා... එනම් පාස්කු ඉරිදා පෙරවරු 6.45 ට පමණ රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියා දුරකථන ඇමතුමක් දී ‘අද මොනවාහරි සිද්ධ වෙන්න පුළුවන්’ කියා පැවසූ බවද පූජිත් ජයසුන්දර මහතා පැවැසුවේය.

පළමුවරට දුරකථන ඇමතුම ලබාදුන්නේ 20 වැනිදා රාත‍්‍රි 7.30 ට පමණ බවද ඉන්පසුව ඒ පිළිබඳව සෑම පළාතකම නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දැනුම් දුන් බවද ප‍්‍රකාශ කළ පොලිස්පතිවරයා මෙවන් තොරතුරක් ලැබූ විට තීරණ ගත යුත්තේ ඉහළ මට්ටමින් බවද කීවේය.

පාරවල් වසා දමා ඇඳිරි නීතිය පනවා කොළඹ උඩුයටිකුරු කිරීමට බලයක් තමන්ට නැතැයි කී පොලිස්පතිවරයා හමුදාව කැඳවීමේ බලයත් තමන්ට නොමැති බවද ප‍්‍රකාශ කළේය.




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements