Advertisement

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති පේක්ෂකයා කාණු, බෝක්කු ගැන කතා කරන ප්‍රාදේශීය මට්ටමේ අයෙකු නොවන බවත් එජාප අපේක්ෂකයා ලෙස විවිධ පුද්ගලයන්ගේ නම් කියවුනද තවත් ජනාධිපති අපෙක්ෂකා නමකර නැති බවත් එජාප උප නායක, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, මිහින්තලයේ මහානායක ස්වාමීන් වහන්සේ කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි මිහින්තලා පුදබිම ආශ්‍රිතව සිදුකිරිමට නියමිත නවීකරන ක්‍රියාවලියේ මූලික වටයේ සාකච්ඡාවකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

“අපිට අවශ්‍ය වන්නේ පරිනතභාවයෙන් යුත් පුද්ගලයෙක් ජනාධිපති ධූරය සදහා පත් කිරීමටයි. විශේෂයෙන්ම මෙම ධූරය වෙනුවෙන් අධ්‍යාපන සුදුසුකම් නම් අත්‍යාවශයයි.” යැයිද රවී කරුණානායක මහතා එහිදී සඳහන් කර තිබේ.

“ප්‍රාදේශීය මට්ටමෙන් කාණූ, බෝක්කු ගැන කතා කරන්න පමණක් නොවෙයි, රටේ ආර්ථිකය, ජාතික සංවර්ධනය, ව්‍යාපාර සංවර්ධනය, විරැකියාවට පිළීයම් සෙවීම ජාතික ආගමික, සහජීවනය, අපනයන රටාව ආදිය පිළීබදව සිතන්න පුළුවන්, කටයුතු කරන්න පුළුවන්, මේ රට ජාත්‍යන්තරයට ගෙනයන්න පුළුවන් ජාතික මට්ටමේ පුද්ගලයෙක් අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතුයි” යනුවෙන්ද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements