රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීමටත් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ජුලි මස 09 හා 10 දිනවල විවාදයට ගැනීමටත්, පාර්ලිමේන්තුවේ අද (04) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.
ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගය ජුලි 09 දා හා 10 දා විවාදයට ගැනීමට පක්ෂ නායකයන් තීරණය කර ඇත.
කතානායකවරයා වෙත විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කර තිබූ අනුපිළිවෙල අනුව මෙලෙස ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබෙන යෝජනාව ජුලි මස 09 හා 10 දිනවල විවාදයට ගැනීමට තීරණය කර තිබේ.

