Advertisement

රතන හාමුදුරුවෝ මෙම අවස්ථාවේ සිදු කළ උපවාසයත් ඊට සමගාමීව රට පුරා ඇති වූ තත්වයත් හේතුවෙන් සිදු වන්නේ සමස්ත මුස්ලිම් සමාජයම සහරාන්ලාගේ ගොඩට එකතු වීම යැයි බොදු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

ඒ අද (04) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ය.

රතන හිමියන්ගේ උපවාසය හේතුවෙන් රට පුර ස්ථාන රැසක වෙළද සැල් වසා දැමීමත් උද්ඝෝෂණ කිරීමත් නිසා ඇත්ත ප්‍රශ්නය යට ගිය බවද ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ එහිදී සඳහන් කර තිබේ.

රතන හිමියෝ මෙම උපවාසය ආරම්භ කළ යුතුව තිබුනේ අප්‍රේල් 21 ප්‍රහාරයත් සමග බවත් මේ මොහොතේ කළ උපවාසයෙන් සිදු වන්නේ සමස්ත මුස්ලිම් සමාජයම සහරාන්ලගේ ගොඩට එකතු වීම බවත් ඥානසාර හිමියෝ වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර ඇත.

“අපි හිර ගෙවල්වල ඉඳලා ඇවිත් කියන ඇත්ත කතාව අහන්න මාධ්‍ය නැහැ. ඒත් උපවාස කරන තැන්වල ලැගගෙන වාර්තා කරන්න ඇතැම් මාධ්‍ය ඉන්නවා. ජාතික න්‍යාය පත්‍රයකට අනුව වැඩ කළ යුතු වෙලාවක බංකොලොත් පක්ෂ දේශපාලනයට යට වෙච්ච ගිහි-පැවිදි පිරිසකගේ වුවමනාවක් තමයි මේ සිද්ධ වෙන්නේ.” යැහි එහිදී ඒ හිමියෝ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements