Advertisement


සහරාන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු වරෙන්තුවක් ලබා ගැනීමට කටයුතු කරමින් සිටියදී තමා අත්අඩංගුවට ගත් බව ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්‍ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා ඊයේ (4 දා) පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්කි දෙමින් ප‍්‍රකාශ කළේය.

රෝද පුටුවක ආධාරයෙන් තේරීම් කාරක සභාව හමුවට පැමිණි නාලක සිල්වා මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ 2017 වසරේ සිට සහරාන්ගේ ෆේස් බුක් ගිණුම සහ වෙබ් පිටුව නිරීක්‍ෂණය කරමින් ඔහුගේ කි‍්‍රයා කලාපයන් අධ්‍යයනය කළ බවයි.

සහරාන්ගේ ෆේස් බුක් එක වෙබ් එක අවහිර කිරීම දක්වා කි‍්‍රයාවන් සිදුකිරීමට කටයුතු කරද්දී මාව අත්අඩංගුවට ගත්තා. මාව අත්අඩංගුවට ගත්තේ එක පාරටම. එනිසා සහරාන් සම්බන්ධව මගේ මනසේ තිබූ උපක‍්‍රමශීලී කි‍්‍රයා මාර්ග ගැන කිසිම කෙනෙකුට කියන්න බැරි වුණා. සහරාන් අත්අඩංගුවට ගෙන කළ යුතු දේ ගැන මගේ හිතේ තිබුණා. එහෙම වුණානම් පාස්කු දින ප‍්‍රහාරයේ විනාශය අවම වෙන්න තිබුණා යැයිද නාලක සිල්වා මහතා සාක්‍ෂි දෙමින් කියා සිටියේය.

නාලක සිල්වා මහතා සාක්‍ෂි දෙන අවස්ථාවේදී ජාතික ආරක්‍ෂාව පිළිබඳ ඇතැම් සංවේදී කරුණු ඉදිරිපත් කරන ලද්දේ මාධ්‍යවේදීන් කමිටු ශාලාවෙන් පිටතට යැවූ පසුය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements