Featured News

Video Gossip

Advertisement

ශ්‍රී ලංකාවේ මීළග ජනපති වීමට බොහෝ ඉඩක් ඇත්තේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස බව ඉන්දීය හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සඳහන් කරයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කළ ප්‍රථම රාජ්‍ය
නායකයා වූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අලලා පද්මා රාඕ විසින් සම්පාදිත ලිපියකින් මේ බව සඳහන් කර තිබේ.

ඉන්දීය අගමැතිවරයාගේ එක් දින ශ්‍රී ලංකා සංචාරය අතරතුර නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමති සජිත් ප්‍රේමදාස මහතා අගමැති මෝදි මහතා සමග නොසිටිනු ඇත්තේ කෙටි අවස්ථා දෙකකදී පමණක් බව එම ලිපියේ සදහන් කර තිබේ.

ඒ අනුව අගමැති මෝදී ගුවන්තොටුපළේදී පිළිගෙන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කැඳවාගෙන එන අවස්ථාවේදී සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ හමුවන අවස්ථාවේදී පමණක් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සහභාගි නොවන බවත් මෙහිදී හෙළි කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නැවත ජනාධිපතිධුරය සදහා තරග නොකරන බවත්, සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකයා බවට පත් වුවහොත් තමාගේ සහාය හිමි වන බවත් ජනාධිපතිවරයා පවසා ඇති බවද හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් පවසයි.

-උපුලි ජයරත්න-



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements