Advertisement

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මාසිකව ක්‍රියාත්මක කරනු ලබන මිල සූත්‍ර ක්‍රමවේදය අද (10) දින ක්‍රියාවට නැංවීමට නියමිතය. ඉන්ධන මිල තීරණය කිරීමේ මිල යාන්ත්‍රණය අනුව සෑම මසකම 10 වෙනි දින නවතම ඉන්ධන මිල ගණන් තීරණය කෙරේ.

පසුගිය මැයි මාසයේ දී මෙම මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් හි ඉහළ දැමීමක් සිදුකිරීමට මුදල් අමාත්‍යාංශය විසින් පියවර ගනු ලැබීය. 2019 මැයි 10 දින වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 70 අගය ඉක්මවා ගොස් තිබීම මෙලෙස පසුගිය මාසයේ දී මිල සූත්‍රයට අනුව මෙරට ඉන්ධන මිල ඉහළ යාමට හේතුවිය.

කෙසේ වෙතත් මේ වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිලෙහි කැපී පෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ. 2019 මැයි 10 දිනයේ දී ලෝක වෙළෙඳ පොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 70.62 ක් ලෙසින් වාර්තා වූ අතර ඊයේ දිනය වන විට එම අගය වාර්තා වන්නේ ඩොලර් 63.29 ක් වශයෙනි.

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල තීරණය කිරීම සඳහා යොදා ගනු ලබන ප්‍රධාන නිර්ණායකය බ්‍රෙන්ට් බොරතෙල් මිල දර්ශකය වන බැවින් අද (10) දින මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන්වල පහළ යාමක් බලාපොරොත්තු විය හැකි බව වෙළෙඳපොළෙ විශ්ලේෂකයින්ගේ අදහස වී තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements