Featured News

Video Gossip

Advertisement

සියලු අන්තවාදීන්ට, ජාතිවාදීන්ට සහ අවස්ථාවාදීන්ට එරෙහිව මාතර ජනතාව සංවිධානය කළ “අවෛරයේ හෝරාව” වැඩසටහන මාතර බස් නැවතුම්පොළ ඉදිරිපිට දී අද පැවැත්විණි.

මේ සඳහා මාතර ප්‍රදේශයේ සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව ජාති ආගම් භේද පසෙකලා සහභාගී වී සිටීම විශේෂත්වයකි.


අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයත් ඊට පසු රට තුළ මතුවෙමින් පවතින සිංහල සහ මුස්ලිම් අන්තවාදයටත්, ඒ සියලු අවස්ථාවන්ගෙන් ප්යෝ‍රජන ගැනීමට උත්සහ දරන අවස්ථාවාදීන්ට එරෙහිව සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් එම ජනතාව උද්ඝෝෂණයක ද නිරත වූහ.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ද ඔවුන් දිරිමත් කරමින් පිරිස අතරට එක් විය. රැස්ව සිටි පිරිස අමතමින් මුදල් අමාත්‍යවරයා කියා සිටියේ සිංහල, මුස්ලිම් ඇතුළු සියලු ජාතිවාදීන්ට එරෙහි “අවෛරයේ හෝරාව” මාතරට පමණක් සීමා නොවිය යුතු බවයි. මෙම වැඩසටහන දිවයන පුරා ක්‍රියාත්මක වනු දැකීම සිය අපේක්ෂාව බව හෙතෙම පැවැසීය.

“මාතර කියන්නෙ අතීතයේ පටන් ම ආසාධාරණයට එරෙහිව නැගී සිටි මිනිසුන් හිටපු ප්‍රදේශයක්. ජාතිවාදීන්ට, ආගම්වාදීන් එරෙහිව මාතර ජනතාව ඒකීය ශ්‍රී ලංකාවක් වෙනුවෙන් දිවි හිමියෙන් එදා ඉඳල පෙනී හිටියා.

අදත් රට තුළ වෛරය යළි වතාවක් වපුරවන්න ජාතිවාදය ආගම්වාදය අවුස්සන්න ඇතැම් පිරිස් උත්සහ දරද්දි මාතර ජනතාව පෙරට ඇවිල්ල ඔවුන්ගේ ම අදහස් අනුව “අවෛරයේ හෝරාව වැඩසටහන ආරම්භ කිරීම පියවර ගත්තා. මම මාතර ජනතාවට ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා.

මාතර ජනතාවගෙන් 95%ක් සිංහල බෞද්ධයන්. ඔවුන් බුදුන්ගේ ධර්මය අනුව සියලු ජාතීන්ට මෛත්‍රිය පතුරවමින් නව ශ්‍රී ලංකාවක් කරා යන ගමන අද අපි මාතරින් ආරම්භ කරල තියෙනවා. අනාගත දූදරුවන්ට හිමි විය යුතු ආර්ථික සංවර්ධනය ලබා දෙන්න නං මේ වැඩසටහන මාතරට විතරක් සීමා නොකර රට පුරාම ක්‍රියාත්මක කරන්න ඕනෙ.

දෙවුන්දර තුඩුවේ ඉඳල පේදුරු තුඩුවට එනකං සෑම ජාතිකකම, ආගමකම ජනතාව නව ශ්‍රී ලංකාවක් වෙනුවෙන් පෙනී සිටිය යුතුයි.

අද එක පැත්තකින් ඉතිහාසයේ ප්‍රථම වතාවට දෙවුන්දර තුඩුවේ ඉඳල පේදුරු තුඩුව වෙනකං මුළු රටම ගම්පෙරළිය යටතේ සංවර්ධනය වෙමින් තියෙනවා. සංවර්ධනය ජාතියකට ආගමකට සීමා වෙලා නෑ. ඒ නිසා තමයි පන්සල්, කෝවිල්, පල්ලි සංවර්ධනයට ගම්පෙරළියෙන් මුදල් වෙන් කරල තියෙන්නෙ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements