Advertisement

මුස්ලිම් කාන්තාවන් මුහුණු ආවරණ පැළඳිය යුතු යැයි ශුද්ධ වූ අල්-කුර්-ආනයේ සඳහන්ව නැතැයි ලංකා තව්හිද් ජමාත් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික් මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ පාස්කු දින ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කර පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීමට පත්කළ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමිනි.

කාන්තාවන් මුහුණු ආවරණය කිරීමේ සංකල්පය නබි නායක තුමාගේ භාර්යාවන්ට පමණක් සීමාවූවක් බවත් එම යුගයේදී පවා මුස්ලිම් ආගම අනුගමනය කළ කාන්තාවන් මුහුණු නිරාවරණය කර අනන්‍යතාව තහවුරුවන පරිදි ඇදුම් ආභරණ පැළඳි බව අබ්දුල් රාසික් පවසයි.

එසේම වහාබ්වාදය සම්බන්ධව ද වැරදි අර්ථ කථන ලබාදී ඇති බවත් වහාබ්වාදය යනු ත්‍රස්තවාදය ඉගැන්වීමක් නොවන බවත් වහාබ්වාදයේ නාමයෙන් ත්‍රස්තවාදී ක්‍රියා සිදුවන බවත් ඒ මහතා පැවසීය. වහාබ්වාදය සම්බන්ධව උලමා සංවිධානය ඇතුලු පිරිස් වැරදි අර්ථ කථන සිදුකර ඇතැයිද අබ්දුල් රාසික් පැවසීය.

එසේම අයි.එස්.අයි.එස්. යනු මුස්ලිම් ජාතිකයන් නියෝජනය කරන්නක් නොවන බවත් 2015 වසරේ සිට අයි.එස්.අයි.එස්. සහ ආයුධ දැරීම ත්‍රස්තවාදයක් බවත් තමා ප්‍රකාශ කර ඇතැයි අබ්දුල් රාසික් වැඩිදුරටත් පැවසීය.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements