BREAKING NEWS
latest

728x90

468x60

header-ad -->

වසන්තිගේ යුග දිවියට බාධා කළ අමනුෂ්‍ය බලවේගය ගැන මෙන්න

“මට මොන දේ කළත් හරියන්නෙත් නැහැ. ගෙදර වැඩ කරගෙන යනව. මහත්තය මොනවත් හිතන්න එපා. මම කොහේ ගියත් මේක ගලවන්නෙ නැහැ. ඔහු හිස වසා තිබූ උරයක් වැනි යමක් ඇඟිල්ලෙන් පෙන්වමින් මට කීවා. ඔහු පැමිණ සිටියේ තවත් කිහිපදෙනකු සමඟයි. ඒ ඔහුගේ ආවතේවකරුවන් විය යුතුය. මා දැහැන්ගත වුණා.” 

“හම්මෝහ්... හ්ම්ම්ම්.....” 

“ඇයි” 

“හරි සීතලක් ආවනෙ මට. මෙතන ඉන්න බැහැ. ඔහු අත් දෙක බැඳගෙන වෙව්ළන්න පටන් ගත්තා. 

“ස්ස්ස්” හම්මා මොකද ඒ?” ඔහු ගෝලයන්ගෙන් ඇහුවා. 

“මෙතන ඉස්සරහට එන්න. මා ඔහුව ඉදිරියට ගත්තා. 

“උෟ...ග්...” හිස් වැසුම ගලවා ඔහු විසි කෙරුවා. දිගට ගැට ගැසී, හැඩපලු ගෙතුණු කොණ්ඩයක් තිබුණෙ. 

අත් දෙක ඔසවාගෙන දේව භාෂාවෙන් ඔහු කතා කරන්නට වුණා.” 

“අපි හැමෝටම තේරන විදියට කතා කරමුද?” 

“දරුවා.... දරුව මූට කිසිම උදව්වක් කරන්න එපා. මමයි මූට දඬුවම් දීලා තියෙන්නේ. මූ හොඳ නැහැ. මේ ඇවිල්ලා තියෙන්නෙත් හොර ගෑනිත් එක්ක. එක පාරක් මූ නිසා මාව තැනකින් අල්ල ගත්ත....” ඒ ආව කෙනා කිව්වෙ මොහුගේ මව ඇය බවයි. ඔහුට හරියට දේවාලෙ කරගෙන යෑමට කියා දෙන ලෙස ඇය මගෙන් ඉල්ලා සිටියා. එතනත් දිග කතාවක්. දේවතා තල ගැන එහි සිටි අය ගැන නොයෙක් දේ පැවසුවා. මෙහි ඒ පිළිබඳව ලිවීමට නොහැකියි. 

මේ සිදුවීමෙනුත් වසරකට පමණ පසු වසන්ති නැවතත් මා මුණගැසීමට පැමිණියා. ඒ මව සහ ඇයගේ මිතුරිය සමඟ. 

“මොකෝ මේ....? එක පාරට එනව. ආයෙත් නැහැ. ඔයාලට මා ගැන විශ්වාසයක් නැත්නම් මේ වැඩේ තව තැනකින් කරගන්නකො. වෙලාව අපරාදෙ. අහගෙන යනව. ආයෙත් නැහැ.” 

“අනේ මහත්තය මේ ටිකට ලක්ෂ තුනක් විතර ඉවරයි. මොනා කළත් හරියන්නේ නැහැ. අයින් කරන්න බැහැ. මේ පාර මහත්තය කරන්න කියන දේවල් සේරම අපි කරනව.’ 

හොඳයි මෙතෙන්ට ඇවිත් හිටගන්න. මා දැහැන්ගත වුණා. වසන්ති වේගයෙන් හිස වන වනා උඩ පැන පැන අත් කරකවන්න වුණා. 

“කවුද මේ....? 

“මමද...? 

“ඔව් ඔව්..” 

“අපි යන්නෙ නැහැ. මාව යවන්න බැහැ.” 

“කවුද තමුන්.” 

“සරත් කියන්නේ කවුද?...” 

“ඉස්සර මුන්ගෙ ගෙදර දේවාලයක් කළා. ඉතින් මුන්ට තව හිතවත් කපුවෙක් උන්න.. උෟ මෙහෙ එනව. ඒ කාලෙ මාත් උෟත් එක්ක ඇවිත් මෙහෙ හිටිය මේකි ළඟ.” 

“මේකිව මා ළඟට ගන්න මම තමයි මේකිව රෑට ඇවිද්දවන්නෙ.” 

“ආ එහෙමද? තමුන් කවුරු වුණත් කමක් නැහැ. අයින් වෙන්න සූදානම් වෙන්න ඕන. තමුන්ට පින් ගන්න මම පූජාවල් වගයක් කරන්න කියනව මේ අයට. පින් ගන්න ඕන තේරුණාද?” 

“ඔව්” 

“ආ දැන් අයින් වෙන්න. කෝ දැන් අනිත් කෙනා එන්න..” 

“හ්ම්ම්ම් හ්ම්ම්ම්... හ්ම්ම්.” 

“කවුද මේ?”

“මාව කොහෙද මුන් තොවිල් කරල අයින් කරන්නෙ.. මාව එහෙම අයින් කරන්න බැහැ. මම කාලි අම්මගෙන් වරම් අරන් ඇවිත් ඉන්නෙ. මම ඉන්නෙ මේකිව බලාගෙන.” 

“මොකද ඉතින් මේ දරුවව ආරක්ෂා කරන්න බැරි?” 

“මම ආරක්ෂා කරනව. මේකිගෙ ළඟටවත් මම අරූට එන්න දෙන්නෙ නැහැ. මේකිගේ ඇඟේ ගෑවෙන්නවත් මම දෙන්නේ නැහැ ඒකට.” 

“ඒ මෙයාගේ මහත්තයනෙ?” 

“ඔව්. මම එන්න දෙන්නේ නැහැ. ඕකට මගේ දරුව ළඟට.” 

“තමුන් මහන්සියෙන් වගේ මොකද?” 

“මට අමාරුයි. මට අමාරුයි. මගේ දරුවො... මුන් තොවිල් කරල මට අමාරුයි. උන් එක එක ඒව කරනකොට.” 

“එහෙමද?” 

“ඔව්”. 

“හොඳයි මම ඒ අමාරුව යන්න බෝධි පූජාවල් ටිකක් දෙනව කරන්න. තමුන් ඒකට සහභාගි වෙන්න ඕන.” 

“මට හරි අමාරුවක් දැනෙනව දරුවො එතෙන්ට ගියහම. එතන ඉන්න එවුනුත් සතුටු නැහැ මම එනවට.” 

“කමක් නැහැ. යන්න ඕන. මේ පූජාවල්වලට. එතනදී මාව මතක් කරගන්න ඕන.” 

“හොඳයි... දරුවෝ, දරුවෝ, මට උදව්වක් ඕන කාලි මෑණියෝ දරුවට කැමැති නිසා මම මේ ඉල්ලන්නෙ 

මට වතුර ටිකක් ඕන” 

“හොඳයි මම දෙන්නම්. ඔහොම ඉන්න ටිකක්.” 

“මට හරි පිපාසෙයි. මට හරිම පිපාසෙයි.” මා ඇයට වතුර කෝප්ප කීපයක් බොන්නට සැලැස්සුවා. 

“මගෙ දරුවට පින් සිද්ධ වෙන්න ඕන. මට මේ පිපාසෙ දරාගන්න බැහැ. දරුවා දැන් ඒක අඩු වුණා. මගේ දරුව දුන්න නිසා.” 

“හොඳයි මම ඔය පිපාසය යන්න අට විසි බුදුරජාණන් වහන්සේලාට පූජාවක් ලෑස්ති කරන්නම්. දැන් අයින් වෙන්න.” අවශ්‍ය උපදෙස් දී මා ඔවුන් පිටත් කළා. ඒ සති දෙකකින් නැවත පැමිණෙන ලෙස පවසා. සති දෙකකට පසුව ඔවුන් නැවත පැමිණියා. 

“කොහොමද පින් ලැබුණද? මේ කරපු කටයුතුවලින්?” 

“මගේ දරුවට ගොඩාක් පින් කාලි මෑණියො දරුවට ආශීර්වාද කරනව මේ කරපු දේට.” 

“මට කියන්නකෝ කොහෙ ඉඳලද මේ වසන්ති ළඟට ආවෙ?” 

“මම කියන්නම් ඔය දරුවට. මම කියනව දැන් මගෙ පිපාසෙත් නැහැ. දරුවෝ මේකි පොඩි කාලෙ මුන් එක්කන් ආව කාලි කෝවිලට. පොල් ගෙඩියකුත් ගහල මෑණියන්ට බාර කළා මේකිව. සොහොන් කාලි මෑණියන්ට. මම හිටියෙ මෑණියො ළඟ. මට කිවුව ගිහින් බලන්න කියල. ඉතින් එදා ඉඳන් මම මේකි ළඟ. 

“තමුන් මෑණියො ළඟ ඉද්දී හොඳ වැඩ කළාද?” 

නැහැ මම හොඳ වැඩ කළේ නැහැ.” 

“ඉතින් ඊට පස්සේ?” 

මුන් මේ දරුවට කිසි දෙයක් දෙන්නේ නැහැ. 

“මොනවද ඒ?”
« PREV
NEXT »

Facebook Comments APPID