Featured News

Video Gossip

Advertisement

වසර 43කට පසු මෙරට පළමු වරට, ලබන සතියේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් රහසිගතව නීතිපති දෙපාර්තමේන්තුවට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයෙකු විසින් මීට අදාළ කටයුතු සිදු කරමින් සිටින බව එම දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග තහවුරු කළේය. මත්ද්‍රව්‍ය විරෝධී ජනාධිපති කාර්යසාධක බලකාය මගින් ජුනි 23 සිට ජුලි 01 දක්වා විශේෂ මත් විරෝධී සතියක් ප්‍රකාශයට පත් කර තිබේ. මේ සතිය තුළ දී මත්ද්‍රව්‍ය සම්බන්ධ වරදකට මරණ දඬුවම නියම වූ සිරකරුවකුට අදාළව එම දඬුවම ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරයාගේ අරමුණ වී ඇත. මේ සම්බන්ධයෙන් වන සියලු කරුණු රහසිගතව තබාගත යුතු බවද ජනාධිපතිවරයා විසින් අදාළ දෙපාර්තමේන්තු දෙකට අවධාරණය කර තිබේ.

පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ හමුවීමෙන් පසු, එරට මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ට සහ ජාවාරම්කරුවන්ට එරෙහිව ක්‍රියාත්මක කළ ආකාරයේ මරණ දඬුවම් පැනවීමේ ක්‍රමයක් මෙරටටද අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා පැවසීය. එහෙත් ඊට මෙරටින් මෙන්ම අන්තර්ජාතික ප්‍රජාවගෙන්ද බරපතල විරෝධයක් එල්ල විය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා තිබුණේ මානව හිමිකම්වලට තමන් පාලනය කළ නොහැකි බවයි. 2015 ජනවාරි 08 පැවතී ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා පැවසුවේ මානව හිමිකම් ක්‍රියාත්මක වන ආකාරය මගින් රටක දියුණුව තීරණය වන බවයි.

මේ වසර අවසානයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මේ සියලු කටයුතු ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා පෙළඹී සිටී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements