Advertisement

රජයේ අමාත්‍යධූර දැරූ රිෂාඞ් බදියුදීන්, රවුෆ් හකීම්, කබීර් හෂීම් යන මහත්වරුන් ඇතුළු සියලූ මුස්ලිම් නියෝජිතයින් එම ධූරයන්ගෙන් ඉවත්ව තිබේ.

රට තුළ ජාතීන් අතර පවතින සමගිය ආරක්‍ෂා කරගැනීම සදහා තමන් මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා අරලියගහ මන්දිරයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

ඇමති ධූරයන්ගෙන් ඉවත් වුවද ආණ්ඩුවෙන් ඉවත් නොවන බව ඔහු සදහන් කළේය.

ත‍්‍රස්ත ක‍්‍රියාවන්ට සම්බන්ධ කවුරුන් හෝ තමන් අතර සිටී නම් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්‍ෂණ කර පියවර ගත යුතු බව ද රවුෆ් හකීම් මහතා කීවේය.

ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන සියලූ මුස්ලිම් ජාතික මැති ඇමතිවරුන් මෙම මාධ්‍ය හමුවට එක්ව සිටිති.

ඉල්ලා අස්වූ අමාත්‍යවරුන්ගේ නම් ලැයිස්තුව පහතින් වේ…

ෆයිසාල් කාසිම් – සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය

රවුෆ් හකීම් – නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය

අබ්දුල් හලීම් – තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය

කබීර් හෂීම් – මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය

අබ්දුල්ලාහ් මහ්රූෆ් – වරාය හා න‍ාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

එච්. එම්. එම්. හරීස් – පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය

රිසාඩ් බදියුදීන් – කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය

සෙය්යිඩ් අලී සාහීර් මවුලානා – සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය

අමීර් අලි සිහාබ්දින් – කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements