Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

පාලකයන් සහ ජනතාව අතර නිරන්තර කතිකාව පැවැත්වෙන්නේ ජනමාධ්‍ය නමැති වේදිකාව උඩය. පාලකයන්ගේ හැසිරීම සහ රට තොට ඇත්ත ඇති සැටියෙන් වාර්තා කිරීමේ වගකීම පැවරෙන්නේ මාධ්‍යකරුවන්ටය. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට අමතරව ජනමාධය පරමාධිපත්‍යයේ හතරවන බල කනුව ලෙස ගැනෙන්නේ එහෙයිනි. වාර්තාකරණය වෘත්තිය ප‍්‍රමිති මත ප‍්‍රශස්තව ඉටු කිරීමට නම් මාධ්‍ය ස්වාධීන වීම සහ මාධ්‍යකරුවන්ගේ විනය අත්‍යවශ්‍ය කොන්දේසියකි. එකී කොන්දේසිය සපුරාලීමට ලංකාවේ ජනමාධ්‍ය පොදුවේ අසමත්ය.



මාධ්‍යයෙන් හදාගන්නා ප්‍රතිරූපය කාම දාහය නිවා ගැනීමට යොදා ගැනීම.


ලංකාවේ ඇත්තේ මුදලාලී මාධ්‍ය කලාවකි. මාධ්‍ය කරුවන් දෙන දේ කා සීමාවේ පිහිනන ‘ගෝල්ඩ් ෆිෂ්’ මාළුවන් මෙනි. සරළව කිවහොත් විද්‍යුත් මාධ්‍යවල කථා පවත්වන පුද්ගලයන් ‘ගෝල්ඩ් ෆිෂ්’ වැනි චරිත බවට පත් වන්නේය. ප්‍රවෘත්තියක් ජනතාව වෙත සමීප කිරීමේ රූපාන්තරය තුල ගොඩනැගෙන මෙකී ප්‍රතිරූපය යම් මාධ්‍ය කරුවෙකු තම කාම දාහය නිවා ගැනීමට යොදවන්නේ නම් එය කොතරම් අවාසනාවක්ද? ජඩ ක්‍රියාවක්ද?

දෙරණේ චාපා බන්ඩාර නීලකාස හොරෙකි, සමාජ පිළිලයකි.

දෙරණ 360 වැඩ සටහනේ එන චාපා බන්ඩාර තමන් හඳුන්වා ගන්නේ නිදහස් මාධ්‍ය වේදියෙකු ලෙසය. ප්‍රවීන සමාජ විශ්ලේෂකයෙකු ලෙසය. දූෂණයට එරෙහි සටනේ පෙරගමන් කරුවෙකු ලෙසය. ජාතියේ දුවා දරුවන් බල ගැන්වීමේ නියමුවෙකු ලෙසය. දේශීයත්වය අගේ කරන බටහිර විරෝධියෙකු ලෙසය. හඬක් නැති මිනිසුන්ට හඬක් වූ මානව හිතවාදියෙකු ලෙසිනි . නමුත් චාපා බන්ඩාර යනු ඔය කියන ආකාරයේ කිසිම ”කොලිටියක්”ඇති එකෙකු නොවේ. චාපා බන්ඩාර නීලකාස හොරෙකි, සමාජ පිළිලයකි. කෙසේ වුවද මෙම ලිපියේ අරමුණ චාපා බන්ඩාර නිරුවත් කිරීමට වඩා චාපා බන්ඩාර නැමති පාපතරයාගෙන් රටේ අහිංසකයන් බේරා ගැනීමය.


චාපා බන්ඩාර, නමත් ‌බොරු නමක්, වසරකට වැඩිය සිරබත් කෑ එකෙක්…


චාපා බණ්ඩාරගේ උපන් වසර 1964 ය. ඔහුගේ නියම නම කිරිකන්කානන්ගේ සුනිල්
කුමාර සේනාතිලක බණ්ඩාරය. ‘චාපා බන්ඩාර’ යනු ආරූඪ නාමයකි. පාසැල් අධ්‍යාපනය නිමා කල ඔහු වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ සාමාන්‍ය සෙබලෙකු ලෙසය. චාපා බන්ඩාර විනය විරෝධී ක්‍රියාවකට මුලින්ම හසු වන්නේ යුධ හමුදා සේවයේ නියුතුව සිටියදීය. පොදු හා වෙනත් නියෝග උල්ලංඝනය කිරීමේ වරදට චෝදනා ලබන මොහු යුද්ධාධිකරනය හමුවේ වැරදි කරුවෙකු බවට පත්වූයේය. යුද්ධාධිකරනයෙන් දඬුවම් ලබන ‌මොහු වසරකට අධික කාලයක් වැලිකඩ බන්ධනාගාර ගත ව සිරබත් කෑවේ ය.


චාපාගේ අවලම්කම නිසා සුන්බුන් ගොඩක් වූ පළමු විවාහය.


චාපා බන්ඩාර හමුදාවේ පුහුණුව අවසන් කළ විගස සිය බහු විවාහ දිවියේ පලමු ඉනිම පටන් ගත්තේය. ඔහුගේ පළමු බිරිඳ වූයේ අවු 16 ක පාසැල් ශිෂ්‍යාවකි. බාල අපචාරයකි. එම විවාහයෙන් ඔහු දියණියක් ලබන අතර ඇගේ දැන් වයස අවු 30 කි. එකල චාපා බන්ඩාරගේ නිවසට අල්ලපු වැටේ ‌ප්‍රේමයේ නපුරු කම ‌කෙතරම්දැයි දුටු ප්‍රවීන ගායකයෙකු පදිංචිව සිටියේය. එකී ප්‍රවීනයාගේ ලා බාල දියණිය සමග චාපා ඇති කරගත් පෙම් පලහිලව්වක් නිසා චාපාගේ විවාහ ජීවිතය ක්‍රියාදාම චිත්‍රපටියක ස්වරූපය ගත්තේය. එම සිද්ධියද ඇතුලු චාපාගේ අවලම් ක්‍රියා හේතුවෙන් අවසානයේ පළමු විවාහය සුන් බුන් ගොඩක් බවට පත් විය.


පළමු ක‍ටුගා දැමීමටත් පෙර ආරම්භ කළ දෙවන ඉනිම.


පළමු විවාහය ක‍ටුගා දැමීමටත් පෙර චාපා බන්ඩාර තවත් තරුණියක් හා පෙමින් වෙළුනේය. සම්බන්ධය දුර දිග යාම නිසා චාපා බන්ඩාරට ඇය සමග දෙවණ ඉනිම ආරම්භ කිරීමට සිදුවිය. එම විවාහයෙන් චාපාට තවත් දරුවෙකු ලැබුනේය. දෙවන විවාහයේ දරුවාගේ වයස අවු 26කි. චාපා දෙවැනිවරට විවාහ වූ කාන්තාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උතුම් කාන්තාවකි. දරුවාගේ හෙට දවස ගැන සිතා චාපගේ තිරිසන් ගති පැවතුම් සියල්ල ඈ ඉවසා සිටියාය. එපමනක් නොව චාපා යනු වෘත්තියක් ලෙස කාන්තාවන් රවටා මුදල් ගසා කන අයෙකි. චාපාගේ දැලට හසුවූ අහිසංක කාන්තාවන් බොහොමයක් ඇඟ බේරා ගත්තේ බිරිඳගේ සෘජු මැදිහත් වීම, අවස්ථානෝචිත ප්‍රඥාව, ඉවසීම සහ කාරුණික උපදේශ නිසාය.


රාවයෙන් අස්කිරීම සහ මැක්සීස් ආයතන සමග සම්බන්ධ වීම.


චාපා බන්ඩාර රාවය ආයතනයෙන් අස්වූවා නොව වික්ටර් අයිවන් අස්වීම යෝජනා ක‌ෙළේය. ඊට හේතුවද ඔහුගේ අවකල් ක්‍රියාවන්ය. චාපා බන්ඩාරට මැක්සීස් ආයතනය හා සම්බන්ධ වීමට ලැබීම ජීවිතයේ අළුත් පි‍ටුවක් වූයේය. මොහුගේ සම්‍යප්‍රයෝග වලට හසුවුන මැක්සීස් ආයතනයේ සභාපති මැක්සි පෙරේරා, චාපා Advisor to chairman ලෙස බඳවා ගත්තේය. මැක්සීස් ආයතනයෙන් චාපාට ඉහල වැ‍ටුපක් සහ වාහනයක් ලැබුනේය. ‌මෙහි ඇති ගැටලුව ‘වෙජිටේරියන්’ චාපා කුකුල් ෆාම් එකක වැඩ කිරීම නොවේ. සිය සුපුරුදු ගෝනි සෙල්ලම පටන් ගැනීමය. චාපා මැක්සීස් ආයතනයේ සේවිකාවන් දෙදෙනෙකු දැලේ දා ගනිමින් ඔවුන්ගේ ජීවිත අඳුරු ක‌ෙළේය. හතර වටේට ‘මල් කැඩූ’ චාපා රු 50000/- කට අධික දුරකථන බිලක් කොම්පැනිය හරහා මාසිකව පියවා ගත්තේය.


මැක්සීස් ආයතනයෙන් පහරදී පන්නා දැමීම සහ ජවිපෙ සමහ වෛර බැඳීම.


මැක්සීස් ආයතනයේ චාපාගේ ගෝනි සෙල්ලම් දිනෙන් දින ඉහල ගියේය. අවසානයේ අයතනයේ සේවය කල ජ.වි.පෙ පාක්ෂිකයන් පිරිසක් මැක්සීස් ආයතනය චාපාගෙන් බේරා ගැනීමේ අරමුනින් වෘත්තීය සමිතියක් පිහි‍ටුවූහ. ඔවුන් කන්ඩායමක් ලෙස ගොස් මැක්සි පෙරේරාගේ බිරිඳ හමුවී සිදුවීමට යන විනාශය පැහැදිලි කළෝය. කරුණු වටහාගත් ඇය, චාපා බන්ඩාර ආයතනයෙන් පන්නා දැමීමට අනුමැතිය දුන්නාය. අවසානයේ අතට අසුවූ දෙයින් පහරදුන් වෘත්තීය සමිති සාමාජික‌යෝ චාපා බන්ඩාර මැක්සීස් ආයතනයෙන් එළවා දැමූහ. චාපාට ජවිපෙ වහ කදුරුවීමට ප්‍රධාන හේතුව මෙම පහරදීම ය. නමුත් ජ.වි.පෙ මැදිහත්වීම නොවන්නට මැක්සීස් ආයතනය ‌මේ වන විට වැසී ගොස් හමාරය.


වෘත්තියක් ලෙස කාන්තාවන් ‍රැවටූ චාපා දෙරණට.


මැක්සීස් ආයතනයෙන් පන්නා දැමූ චාපා ගංජා දිලිත්ගේ දෙර‌ණේ නිවේදකයෙකු ලෙස එක් වූයේය. වෘත්තියක් ලෙස කාන්තාවන් ‍රවටන චාපාට රූපවාහිනියක් හා සම්බන්ධ වීම පරණ පිනක් පෑදුනාක් මෙන් විය. චාපා එතෙක් දේශීව පවත්වාගෙන ගිය කාන්තාවන් රවටා මුදල් ගසාකෑමේ ව්‍යාපාරය ජාත්‍යන්තරයට ව්‍යාප්ත කළේය. දෙරණ නිවේදන කටයුතු අරඹා කෙටි කාලයක් තුල විදේශ ගත ලාංකික කාන්තාවන් දුසිමකට වඩා වැඩි පිරිසක් දැලේ දාගත්තේය. යුරෝපීය රටවල කාන්තාවන් පමනක් නොව මැදපෙරදිග දුක් විඳින ලාංකික කාන්තාවන් ද ඒ අතර වූහ. චාපා සාහසික ලෙස ‍රැවටූ විදේශ ගත කාන්තාවන් 6 දෙනෙකු පිලිබඳ සියලු විස්තර අප සතුය, ඔවුහු ස්විස්ටර්ලන්තය, සයිප්‍රස්, ඔස්ට්‍රේලියාව,ජොර්දානය, ඩුබායි, ඉතාලිය යන රටවල සේවය කරති.


විදෙස් රටවල කාන්තාවන් රවටා කළ මුදල් වංචා.


අප ‌මෙහි ඉදිරිපත් කරන ඉන් එක් කථා නායිකාවක ස්විස්ටර්ලන්තයේ වෙසෙන ලාංකික කතකි. චාපා අන්තර් ජාලය හරහා අඳුනා ගන්නා මැය සාහසික ලෙස මුලා කර තිබේ. එපමනක් නොව කඩින් කඩ විශාල මුදලක් ඇයගෙන් ලබා ලබාගෙන ඇත. ඉන් රු ලක්ෂ 16 කට ආසන්න මුදලක් චාපාගේ කොමර්ෂල් බැංකු ගිණුමට බැරකල රිසිට් පත්වල පිටපත් මේ සමග දක්වා ඇත. පසුගිය ගිය වසරේ අගභාගයෙදී කොන්දේ ඇතිවූ ආබාධයකට චාපා රෝහල් ගත විය. රෝහල් බිල රු 80000/- ක් පමණ විය. රෝහලේ බිල ගෙවීමට කියා චාපා මැක්සි පෙරේරාගෙන් රු 80000/- ක් ලබා ගත්තේය. මැක්සි පෙරේරාට හො‌රෙන් ඉහත කී ස්විස්ටර්ලන්ත කාන්තාවගෙන්ද රු 80000/- ක් ලබා ගත්තේය.


කාන්තාවන් ‌ටෙලර් යන්ත්‍ර ‌සේ භාවිතා කළ චාපා.


ස්විස්ටර්ලන්ත කාන්තාව පසුගිය වසරේ 6 වරක් ලංකාවට පැමිනියා ය. චාපාගේ නිවස වෙත ගිය ඇයට චාපාගෙන් අසන්නට ලැබුනේ ආර්ථික අගහිඟකම් ගැන සුපුරුදු කන්පින්දම් කීමය. ස්විස්ටර්ලන්ත කාන්තාව කියන පරිදි ඇයගෙන් ලබා ගත් ලබා ගත් මුදල් චාපා දේශීය පෙම්වතියන් සමග රවුම් ගසා ඉවර කොට ඇත. චාපා භාවිතා කරන යාරිස් මෝටර් රථයේ වටිනාකමෙන් සැලකිය යුතු කොටසක් ගෙවා ඇත්තේද ස්විස්ටර්ලන්ත කාන්තාවය. ඔහු භාවිතා කරන ලැප් ටොප්, දුරකථන ඇතුළු ඩිජිටල් සන්නිවේදන උපකරණ වලින් බොහොමයක් විදේශ ගත පෙම්වතියන්ගෙන් කඩා වඩා ගත් ඒවාය.


ඕනෑම තක්කඩියෙකුගේ අවසාන නැවතුම දේශප්‍රේමයයි.


චාපා ස්විස්ටර්ලන්ත කන්තාව ටෙලර් යන්ත්‍රයක් මෙන් භාවිතා කළ ද ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් යම් කාර්ය භාරයක් ඉ‍ටු කරන තැනැත්තියකි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට ජිනීවා යන ශ්‍රී ලංකික වියතුන් යයි කියා ගන්නා කන්ඩායමේ බර පැන දරන්නේ මෙකී ස්විස්ටර්ලන්ත කාන්තාව ඇතුළු ශ්‍රී ලාංකිකයන් පිරිසකි. තමන්ගේ වියදමින් ජිනීවා යනවා කියන ඊනියා දේශප්‍රේමීන්ගේ හෙළුවද චාපා බන්ඩාර කථා වස්තුව හරහා එළියට පැමින ඇත. සැබැවින්ම කළ යුත්තේ රට ජාතිය වෙනුවෙන් නිහඬව සේවය කරන රට විරුවන් අගය කිරීමය. ලාංකිකයන් එක්සේසත් වන්නේ එවිටය. නමුත් චාපලා එහි කනපිටය. සැබෑ දේශප්‍රේමීන් දවසේ ආදායම සොයා ගැනීමට අවභාවිතා කොට තමන් දේශප්‍රේමීන් ලෙස පෙනී සිටිමට උත්සාහ කරන්නේය. ඕනෑම තක්කඩියෙකුගේ අවසාන නැවතුම දේශප්‍රේමය යයි කියූ කථාවේ සත්‍යතාව නම් මොනවට පැහැදිලිය.


චාපා නැමති පාපතරයා සමග එක මේසයේ වාඩි වීම.


චාපා බන්ඩාරගේ සාහසිකත්වය ‌මෙම ලිපිය මගින් සාක්ෂි සහිතව හෙළිදරව් කළ පසු දෙරණේ ගංජා දිල්ත්ගෙන් චාපාට උසස් වීමක් ලැබුනහොත් පුදුම විය යුතු නැත. ගංජා ආතල්, සිද්ධාර්ථ ආතල් ගැන ප්‍රසිද්ධියේ කියන දිලිත්ට එවැන්නක් නොකිරීමටද ලජ්ජාවක් තිබිය තිබිය ‌නොහැක. රාජපක්ෂලාගේ සිත් පිත් නැති කළු මුදල් සුදු කළ දිලිත් ජයවීරගෙන් ඊට වැඩි යමක් බලා පොරොත්තු විය ද නොහැක. ගුරා හිට ගෙන මූත්‍රා කරන විට ගෝලයෝ දුවමින් මූත්‍රා කිරීමෙහි අරුමයක් නැත. නමුත් වෘත්තියක් ලෙස අහිංසක කාන්තාවන් රවටමින් මුදල් ගසා කන, ඔවුන්ගේ ජීවිත අඳුරු කරන චාපා නැමති පාපතරයා සමග එක මේසයේ වාඩි වෙනවාද නැද්ද යන්න කාන්තාවන් වන දිල්කලා, වරුණි අමුණුගමලා දෙවරක් සිතා බැලිය යුතුය.





Lank E news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook