Featured News

Video Gossip

Advertisement

ලසිත් මාලිංග තවමත් ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග දිනවන්නකු බව ජාතික කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පවසා තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවිය වෙත තීරු ලිපියක් සපයමින් මෙම අදහස් පළ කර ඇති මහේල “ශරීරයෙහි ස්වභාවය කුමක් වුවද ‘සික්ස් පැක්’ නොතිබුණත් තරග දිනවීම සඳහා අත්‍යවශ්‍ය වන්නේ දක්ෂතාවය සහ අත්දැකීම් බව ලසිත් මාලිංග ශ්‍රී ලංකා - එංගලන්ත තරගයේදී අපට පැහැදිලි කර දුන්නා.

ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් අවස්ථා විශාල ගණනකදී එසේ දස්කම් දක්වා තිබෙනවා. නව පන්දුව මාලිංග වෙත භාර කරන සෑම අවස්ථාවකම ඔහු ඉන් කඩුලු දඩයම් කිරීමේ මෙහෙයුම අරඹනවා” යනුවෙන් සඳහන් කර ඇත. 

මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉදිරියේදී ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිත තරග තුනෙන් දෙකක් ජයගතහොත් එම තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට පවතින බවත්, එම ඉලක්කය පහසුවෙන් සපුරාගැනීමේ හැකියාවද ඔවුන් සතුව ඇති බවත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහේල පවසා ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements