Advertisement

‘සල් සපු නා ටෙලි නාට්‍යයේ පොඩි පත්තරකාරි චරිතය රඟපාමින් රංගන ක්ෂේත්‍රයට පිවිසෙන මිෂෙල් දිල්හාරා, මේ වනවිට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව ඇති යොවුන් නිළියකි. ඇය, ජාතික රූපවාහිනියෙන් විකාශය වන ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්‘ ටෙලි නාට්‍යයේ අයෝමාගේ චරිතය හා ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන ‘එමී‘ ටෙලි නාට්‍යයේ එමීගේ චරිතය නිරූපණය කරමින් සිටින්නීය.

පුංචි තිරය වර්ණවත් කරන හුරුබුහුටි මේ තරුණිය ගැන අද අපි කියන්න යන්නේ වෙනස්ම කතාවක් හැම වෙලේම සමාජයේ අඩුපාඩු නැති බැරි මිනිසුන් වෙනුවෙන් උදව් උපකාර කිරීම පුරුද්දක් කරගත් මිෂෙල් කාලයක් තිස්සේ පිටියෙගෙදර මහ විද්‍යාලයට අඩුපාඩුවක්ව තිබ්බ ක්‍රීඩා උපකරණ ඇතුළු මුදලින් රුපියල් 75000 කට අධික වටිනාකමකින් යුතු විශාල ද්‍රව්‍ය ආධාර ප්‍රමාණයක් පරිත්‍යාග කර තිබෙනවා. 

පිටියෙගෙදර මහ විද්‍යාලයේ විදුහල්පත රුවන් ජයසිංහ අපසමග පැවසුවේ සමාජ ජාල තුලින් රටට සේවය කරන බව පෙන්වන නළුනිළියන් සිටින කාලයක.. හරි හම්බකරන දෙයින් අවන්කවම මෙවන් සත්කාර කරන තරුණියක් දැකගන්න ලැබීම වාසනාවක් බවයි. මිචෙල් පිටියගෙදර මහවිදුහලට තෑගිබෝග අරන් ගිය අවස්ථාවේ අප ලබාගත් ජායාරූපය කිහිපයක් පහතින්...








gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements