Advertisement

කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිධූරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් නව දෙනා සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති සිරිසේන වෙත මෙතෙක් භාරදී නැතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම එම ඇමැතිවරුන් කිසිවකුත් සිය නිල වාහන භාරදී නොමැති අතර පෞද්ගලික කාර්ය මණ්ඩලයද ඉවත් කර ගෙන නැතැයි වාර්තාවේ.

මෙම මන්ත්‍රීවරුන් කැබිනට් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධූරවලින් ඉවත්වීමේ ලිපි භාරදී ඇත්දැයි ජනාධිපති කාර්යාලයේ ඉහළ නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේද එවැනි ඉල්ලා අස්වීමේ ලිපි කිසිවක් ඊයේ (05) රාත්‍රීය වනවිටත් ජනාධිපති කාර්යාලයට ලැබී නොමැති බවය.

මේ අතර අදාල මන්ත්‍රීවරුන් අමාත්‍යධූර දැරූ අමාත්‍යාංශවල ලේකම්වරුන් කිහිපදෙනෙකුගෙන් කළ විමසීමකදී ඔවුන්ද සඳහන් කළේ ඉල්ලා අස්වූ අමාත්‍යවරුන් නිල වාහන භාරදීමක් හෝ කාර්ය මණ්ඩල ඉවත් කර නොමැති බවත්ය.

මේ සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතාගෙන් කළ විමසීමකදී අදාල අමාත්‍යවරුන් ඉවත්වීමේ ලිපි භාරදී ඇතිබව සඳහන් කළේය.

අනෙකුත් හිටපු අමාත්‍යවරුන්ට, රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ නියෝජ්‍ය ඇමැතිවරයාට මේ සම්බන්ධයෙන් විමසීමට දුරකථන ඇමතුම් ලබාගත්තද ඔවුන් ඊට සම්බන්ධ කර ගැනීමට නොහැකිය

ඉල්ලා අස්වූ කැබිනට් , නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන්

නගර සැලසුම් ජලසම්පාදන හා උසස් අධ්‍යාපන - අමාත්‍ය රවුෆ් හකීම්

කර්මාන්ත හා වාණිජ අවතැන් පුද්ගලයින් නැවත පදිංචි කිරීම සමුපකාර සංවර්ධන - අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

මහාමාර්ග මාර්ග සංවර්ධන , ඛනිජ තෙල් සම්පත් සංවර්ධන - අමාත්‍ය කබීර් හෂීම්

තැපැල් සේවා හා මුස්ලිම් කටයුතු - අමාත්‍ය ඒ.එල්.එම් හලීම්

කෘෂිකර්ම, වාරිමාර්ග ග්‍රාමීය ආර්ථික කටයුතු - රාජ්‍ය අමාත්‍ය අමීර් අලි සියාබ්දීන්

සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය - රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්

පළාත් සභා හා පළාත් පාලන - රාජ්‍ය අමාත්‍ය එච්.එම්.එම් හාරිස්

සමාජ සවිබල ගැන්වීම් - රාජ්‍ය අමාත්‍ය සියාබ් අලිසාහිර්

වරාය නාවික කටයුතු - නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරුෆ්

newstube

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements