Advertisement

පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරුලියේ රතන හිමියන් විසින් දළඳා මාළිගාව ඉදිරිපිට ආරම්භ කළ උපවාසයට සහයෝගය දීම සඳහා මහනුවර නගරය පුරා අද (03) දින සියලුම වෙළද ව්‍යාපාර වසා දැමිමට තීරණය කළ බව මහනුවර සිංහල වෙළද පෙරමුණේ ලේකම් වජිර කීර්ති මහතා පවසයි.

අද පෙරවුරු 9.00 ට සිංහල වෙළද පෙරමුණේ සියලුම ව්‍යාපාරකයින් මහනුවර සිංහල වෙළද පෙරමුණේ මුලස්ථානයට පැමිණ පා ගමනින් රතන හිමියන් උපවාස කරණ ස්ථනයට ගොස් සහයෝගය දක්වන බවද එහි ලේකම් වජිර කිර්ති මහතා කියා සිටියේය.


මේ සදහා ද්‍රවිඩ වෙළද සංගමයද සහාය දැක්වීමට කැමැත්ත ප්‍රකාශ කළ බව මහනුවර සිංහල වෙළෙඳ පෙරමණේ භාන්ඩාගාරික යසස් චන්ද්‍රෙස්කර මහතා කියයි.

රතන හිමිගේ සෞඛ්‍ය තත්ත්වය

මහනුවර මහ රෝහලේ වෛද්‍යවරු ඊයේ රාත්‍රියේ පැමිණ රතන හිමිගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරනු ලැබුවේය.

කෙසේවුවද, එහිමිගේ සෞඛ්‍ය තත්ත්වය මේවන විට පිරිහී ඇති බව ඊයේ වෛද්‍යවරු පවසා තිබේ.

උන්වහන්සේ නිරාආහාරව මේ සත්‍යග්‍රහයේ නියැලී සිටින්නේ අද (03) සිවුවැනි දිනයටයි.

උපවාසයකින් මියගියේ තිලීපන් පමණි

මෙරට උපවාසයකදී මියගොස් ඇති එකම පුද්ගලයා වන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයෙකු හා යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුවකු වන තිලීපන් නොහොත් රාසයියා පාර්දීපන් නැමත්තාය.

ඔහු මියගියේ මීට 31 වසරකට පෙර වන අතර යාපනය නල්ලූර් කෝවිල පිටුපස තිබූ තිලීපන්ගේ ස්මාර්කය ද මේවන විට තිබූ ස්ථානයේ නොමැත.

1987 සැප්තැම්බර් මස 15 වනදා තිලීපන් නොහොත් රාසයියා පාර්තීපන් යාපනය නල්ලූර් කොවිල පිටුපස මාරාන්තික උපවාසයකක් ආරම්භ කරනු ලැබුවේ ඉන්දීය සාම සාධක හමුදාව මෙරටින් ඉවත්වන තුරු සිය උපවාසය අත්නොහරින බව පවසමිනි.

එම උපවාසය අතරතුරදී කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ද පැමිණ අදාල උපවාසය නවත්වන ලෙසට ඉල්ලා සිටිය ද උපවාසය අත් නොහැරීමෙන් සැප්තැම්බර් 26 වැනිදා ඔහු උපවාසය අතරතුරදී නිරාහාරව සිටීම නිසා මිය ගියේය.

මිය යන විටත් එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඔහුට ලුතිනන් කර්නල් තනතුරක් ලබා දී ඇති අතර ඔහුව එවකට හැඳින්වූවේ ලුතිනන් කර්නල් තිලීපන් ලෙසින්ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements