Advertisement


මුස්ලිම් මැති ඇමතිවරුන්ට එරෙහි උද්ඝෝෂණ හරහා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් නෙරපා හැර බාරකාර ආණ්ඩුවක් යටතේ හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමට රහසිගත දේශපාලන මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින්  වාර්තාවේ.

රාජපක්ෂවරුන්ගේ ද සහය ඇතිව ක්‍රියාත්මක වන මෙම මෙහෙයුමේ ප්‍රධානියා ලෙස ශ්‍රීලනිප මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා කටයුතු කරමින් සිටින බවත්, ඔවුන්ගේ අරමුණ රටම අරාජිකත්වයට පත්කර මහ මැතිවරණයකට අවශ්‍ය පදනම සකසා ගැනීම බවත් ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

අන්තවාදී භික්ෂුන් වහන්සේ කිහිප නමකගේ විරෝධතාවයන්ට සහය දැක්වීමට එම කණ්ඩායම කටයුතු කරමින් සිටින්නේ ඒ අරමුනින් යුතුවය.

වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන්ද බලවත්සේ කනස්සල්ලට පත්ව ඇත. 

ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් තබා ඇති අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා, ''රටටත් , අපිටත් වෙනසක් අත්‍යවශ්‍යයි'' යයි සටහන් කර ඇති අතර ඊට පුළුල් ප්‍රතිචාරයක් ලැබෙමින් පවතී.




දේශපාලන බලය අන්තවාදී භික්ෂුන් අතට !

ජනාධිපති හා අගමැති අතර පවතින දේශපාලන අරගලය හේතුවෙන් මේවනවිට අන්තවාදී භික්ෂුන් වහන්සේලා කිහිප නමක් අතට දේශපාලන බලය හුවමාරුවෙමින් පවතින අතර උන්වහන්සේලා ජාතිවාදය උසිගන්වමින් සිටිති.

මෙසේ භික්ෂූන්වහන්සේලා බලහත්කාරයෙන් රටේ දේශපාලනයට කඩා වැදීම බරපතල අනතුරක් බවට සමාජ විශ්ලේෂකයින් කිහිප දෙනෙකුම සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකර ඇත. ඒ අතුරලිය රතන හිමියන්ගේ 'උපවාසය' හා බොදු බලයේ ඥානසාර හිමියන්ගේ තර්ජන සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන විදර්ශන කන්නන්ගර පවසන්නේ, භික්ෂූන් ඇතුළු ආගම රටේ දේශපාලනයට කඩා වැදීම බරපතල අනතුරක් බවයි. ඔහුගේ FB පිටුවේ එය සටහන් කර ඇත්තේ මෙසේය.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements