Advertisement

රථවාහන වැරැදි පහක් සම්බන්ධව අවම දඩය රුපියල් 25,000ක් ලෙස වන නීතිය 14 වැනිදා සිකුරාදා සිට බලාත්මක කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා.

ඒ අනුව වලංගු බලපත්‍රයක් රහිතව රිය ධාවනය කිරීමේ වරදට රුපියල් 25,000 සිට 30,000ක් දක්වා දඩ මුදලක්ද, දෙවැනි වතාවටත් වරදකරු වන අයකුට රුපියල් 30,000 සිට 50,000 දක්වාත් දඩ මුදලක්ද අය කෙරේ. රියැදුරු බලපත්‍රයක් නැති අයකු සේවයේ යෙදවීමේ වරදට රුපියල් 25,000 සිට 30,000 දක්වා දඩ මුදලක්ද, දෙවැනි වතාවට වරදකරු වන අයකුට රුපියල් 30,000 සිට 50,000 දක්වා අතර දඩ මුදලක්ද අය කෙරෙනවා.

මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීමේ වරදට 25,000 සිට 30,000 දක්වා දඩයක් හෝ බලපත්‍රය වසරකට අත්හිටුවීම හෝ මාස තුනක් දක්වා බන්ධනාගාර ගත කිරීමේ දඬුවම් නියම කෙරෙනවා.

එමෙන්ම රිය අනතුරකින් පුද්ගලයකු මියගියහොත් රුපියල් 100,000 සිට 150,000 දක්වා දඩයක්ද අය කෙරෙනවා.

වලංගු රක්ෂණාවරණයක් නොමැතිව රිය ධාවනය කිරීමේ වරදට රුපියල් 25,000 සිට 30,000 දක්වා දඩ මුදලක් අය කෙරෙනවා.

උපතිස්ස පෙරේරා

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements