Advertisement

ජාතික තව්හිද් ජමාද් ත්‍රස්‌ත සංවිධානයේ නායකයාව සිටි මොහොමඩ් සහරාන් යටතේ අවි ආයුධ පුහුණුව ලැබූ බව කියන එම සංවිධානයේ ප්‍රබල සාමාජිකයකු ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය සහ නාවික හමුදා බුද්ධි අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී ඊයේ (12 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. මොහොමඩ් තාජුඩීන් අෂීබ් අහමඩ් නමැති 20 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම ප්‍රදේශයේ සැඟවී සිටියදීය.

මෙම සැකකරු මොහොමඩ් සහරාන් යටතේ නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි බ්ලැක්‌ පූල් ත්‍රස්‌තවාදී පුහුණු කඳවුරකදී අවි ආයුධ පුහුණුව ලබා ඇති අතර ත්‍රස්‌තවාදී දේශනවලට ද දීර්ඝ කාලීනව සහභාගි වූ පුද්ගලයකු බව අනාවරණය වී ඇත.


අත්අඩංගුවේ පසුවන ජාතික තව්හිද් ජමාද් සාමාජිකයන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ලැබුණ තොරතුරු මත මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස්‌ ආරංචි මාර්ග පැවසීය.

සැකකරු ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයේ රඳවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පැවසීය.

මරාගෙන මැරෙන්න 11 දෙනෙක්‌ සූදානම් කරලා ඉඳලා

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සන්නද්ධ ඒකකය භාරව ක්‍රියා කළ අහමද් මිලාන් නමැත්තා ප්‍රහාර එල්ල කිරීම සඳහා බෝම්බකරුවන් එකොළොස්‌ දෙනෙකු සූදානම් කර තිබූ බව ත්‍රස්‌ත මර්දන නිලධාරීන් කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත. මෙම සැලසුම සඳහා කල්මුණේ සියාම් සහ මොහමඩ් නිසාන් නමැත්තන් ද සහය වී ඇති අතර ඔවුන් නැගෙනහිර ප්‍රදේශයේ නිවාස පහක්‌ කුලියට ලබාගෙන තිබේ.

මෙතෙක්‌ කරන ලද පරීක්‍ෂණවලදී හෙළි වී ඇත්තේ මීගමුවේ නිවසක සිට ලොරියකින් සමන්තුරේ වෙත පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බවට එම ලොරියේ රියෑදුරු ප්‍රසන්න ඒ ගැන හෙළි කර ඇති බවය.

මෙම රියෑදුරු පවසා ඇත්තේ රන්බඩු ශුද්ධ පවිත්‍ර කිරීමේ රසායනික ද්‍රව්‍ය බැරල් වගයක්‌ යයි දක්‌වමින් බැරල් තොගයක්‌ තම ලොරියට පැටවූ බවයි.

මීගමුවේ සිට සමන්තුරෙයි වෙත එම ලොරියෙන් පුපුරන ද්‍රව්‍ය යෑවූ සියලු තව්හිද් ජමාත් ත්‍රස්‌ත ක්‍රියාකාරීන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements