Advertisement

සතියක පමණ කාලයක සිට නිවසින් අතුරුදන්ව සිටි 63 හැවිරිදි සිවුදරු මවකගේ මළසිරුරක්‌ මිනිස්‌ වාසයෙන් තොර ලග්ගල, රඹුක්‌ඔලුව ගම්මානයේ, ගඟහේන්වල ප්‍රදේශයේ තිබී 09 දින විල්ගමුව හා ලග්ගල පොලිසි විසින් සොයාගෙන ඇත.

මෙසේ මියගොස්‌ ඇත්තේ මාතලේ, විල්ගමුව, පුස්‌සැල්ලයාය ප්‍රදේශයේ පදිංචි අලුත් ගෙදර සුදුමැණිකේ නමැති කාන්තාවකි. 

මෙම කාන්තාවගේ අතුරුදන්වීම පිළිබඳව ඇයගේ බාල පුතා වන ඩී. එම්. අනුෂ්ක උදයංග යන අය විසින් විල්ගමුව පොලිසියට පැමිණිලි කර තිබිණි.

සිද්ධිය පිළිබඳව විමර්ශන ආරම්භ කළ විල්ගමුව පොලිසිය මියගිය කාන්තාවගේ වැඩිමල් පුතකු වන ඩී. එම්. විඡේකෝන් (37) යන අයට කිසියම් පුද්ගලයකු දුරකථනයෙන් කතාකර මව නිදහස්‌ කිරීමට නම් රුපියල් ලක්‍ෂ දහයක කප්පම් මුදලක්‌ ඉල්ලා තිබේ. එම පුද්ගලයා උපක්‍රමශීලීව බකමූණ නගරයේදී කප්පම් මුදල ලබා ගනිද්දී අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ. මාරක, කුඹුක්‌කන්දන පදිංචි 27 හැවිරිදි තුෂිත කුමාර නම් වූ සැකකරුවකු මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු මියගිය කාන්තාවගේ ජංගම දුරකථනයෙන් වැඩිමල් පුතා වන විඡේකෝන්ගේ ජංගම දුරකථනයට ඇමතුමක්‌ ගෙන ඉකුත් 08 දින රාත්‍රි කතාකර මව නිදහස්‌ කිරීමට රුපියල් ලක්‍ෂ දහයක කප්පම් මුදලක්‌ ඉල්ලා ඇත. එම මුදල ලබාදීමට එකඟවී පසු දා (09 දින) උදැසන 8.00 ට සැකකරු දඹුල්ල, කණ්‌ඩලම වැව අසලට ද පසුව බකමුණ නගරයේ ස්‌ථාන තුනක්‌ නම්කර එම ස්‌ථානවලට පැමිණෙන ලෙස දැනුම්දී අවසානයේ බකමූණ - ඇළහැර මාර්ගයේ කුණු බක්‌කියට අදාළ මුදල දමන ලෙස නියෝග කර ඇත. ඒ අනුව අදාළ මුදල කුණු බක්‌කියට දමා එය ලබා ගැනීමට ඔහු පැමිණීමත් සමග සැකකරු අත්අඩංගුවට ගැනීමට සැඟව සිටි පොලිස්‌ නිලධාරීන්ට හැකිව තිබේ.

මෙම සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ මියගිය කාන්තාව පදිංචි භූමියේ ඇතැයි පැවසෙන නිධානයක්‌ ගැනීමට මෙම කාන්තාව මුලදී කැමැති වී සිට පසුව විරුද්ධ වීම නිසා කාන්තාව පැහැරගෙන වෑන් රථයකින් රැගෙන යන අතරතුර ගෙල මිරිකා ඝාතනය කර රඹුක්‌ඔලුව ප්‍රදේශයට ගෙනැවිත් දැමූ බවයි. මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක කරන තවත් පුද්ගලයන් පස්‌දෙනකු පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස්‌ ආරංචි මාර්ග සඳහන් කරයි.

මියගිය කාන්තාවගේ මළ සිරුර නාඋල මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නියෝග මත පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සඳහා දඹුල්ල මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර ඇත. විල්ගමුව පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රදීප් නිශාන්ත මහතාගේ උපදෙස්‌ මත උ.පො.ප. වෙලගෙදර, පො.සැ. ජයශාන්ත (3926), පො.කො. ගුණරත්න (35812), සිසිර (40442), සුභසිංහ (68752) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements