Advertisement

ගැඹුරු භූමි නිරික්ෂණය ඇතුළු විශේෂ කාර්යයන් සඳහා යොදාගන්නා ගුවන් යානයක් පෙරේදා කටුනායක ගුවන්තොටුපළ වෙත ගොඩබස්වා තිබෙනවා.

බැස්ලර් බීටී 67 දරණ මෙම ගුවන් යානය ස්පෙක්ට්‍රම් එයාර්, ඉසෙඩ් එස් – ඒ.එස්.එන් වර්ගයට අයත්වන අතර එය මීටර් 1000ක් තරම් ගැඹූරු භූ අභ්‍යන්තරය නිරීක්ෂණය කිරීමේ හැකියාවෙන් සමන්විතයි.

මෙය හෙට දක්වා මෙරට නවතා තැබෙන අතර, පසුව ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවා.

මෙය ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ, ඉන්දුනීසියාවේ සිටයි.

මෙහිදී, අවධානය යොමුකළ යුතු කරුණ වන්නේ, ඉන්දුනිසීයාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා වූ ජාත්‍යන්තර ගුවන් ගමන් මාර්ගය ශ්‍රී ලංකා භූමිය හරහා වැටී තිබීමයි.

එසේ නම්, ගැඹූරු භූ අභ්‍යන්තරය නිරීක්ෂණය කිරීමේ විශේෂ හැකියාවෙන් සමන්විත මෙම විශේෂ ගුවන්යානය රට හරහා ගමන්කර තිබෙනවා.

භූ විද්‍යා පතල් කැණිම් කාර්යාංශයෙන් විමසීමක් කළ අතර ඔවුන් ප්‍රකාශ කළේ, එවැනි ගුවන් යානයක් පිළිබඳව තමන්ට කරුණූ වාර්තා වී නොමැති බවයි.

මෙරට තුළ කිසිදු භූ අභ්‍යන්තර සමීක්ෂණ කටයුත්තක් සඳහා අවසරයක් ලබාදී නොමැති බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements