ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නුවරඑළිය කඳවුරේ පුහුණුව ලබා ඇතැයි සැළකෙන පුද්ගලයෙකු ඊයේ(04) රටින් පිටව යාමට තැත් කිරීමේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සෙයින් අන්සාර් මොහොමඩ් රිනාස් නැමැත්තෙකි.
කටුනායක ගුවන් තොටුපලේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වනවිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවා තබාගනිමින් ප්‍රශ්න කිරීම් සිදුකරයි.

