Advertisement

රාජපක්ෂලා සමග එකතුවන අයට ඇමතිකමකින් එහා ගමනක් නැති බවත් තමන් පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය නොගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම සිටින බවත් කළුතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අවධාරණය කරයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇති අකැමැත්ත හා පවුල් පාලනයට ඇති විරුද්ධතාවය හේතුවෙන් තමන් තිස් වසරක් තිස්සේ දේශපාලනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම සිටිමින් ඉදිරියේ දීද දේශපාලනය කිරීමට තීරණය කළ බව මන්ත්‍රීවරයා පවසයි.

කිසිම දිනෙක තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය නොගත් බවත් දිගටම දේශපාලනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටිමින් ඉදිරියටද කටයුතු කරන බව කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ආදී ලෙස රාජපක්ෂලා වැලක්ම සිටින නිසා ඔවුන් සමඟ එක්වන කිසිම අයෙකුට ඇමතිකමට එහා ගමනක් නොමැති බවද වෙල්ගම මහතා අවධාරණය කරයි.

මේ අතර ඉතාමත් විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරන පරිදි රාජපක්ෂ පවුලේ තවත් තරුණයින් දෙදෙනෙකුද ලබන පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්වීමට නියමිතය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements