Advertisement

සමාජ ජාල තුල දේශපාලකයන්ගේ පලු අරින කාලයක් තුල දේශපාලකයකු ගැන යෙදු අපූරු සටහනක් ගොසිප්99 නෙත ගැටුනා. ඒ ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ගැනයි. කාර්යාලීය බස් රථයක‍් තුල සිදූ කතාව පුද්ගයකු සිය ‍‍‍ෆේස්බුක් පිටුවේ දක්වා තිබුනේ මෙසේය...

අද උදෑසන කාර්යාල බස්රථයේ පැමිණෙන විට අමාත්‍යක වැඩ කරන  කාන්තාවක් සහ තවත් පෞද්ගලික ආයතනය සේවයකරන  මගේ මිතුරියක එක්ක කියපු හිතාගන්න බැරි කතාවක් මහ ඇහුන. 

⁣මාගේ මිතුරිය -
 ඔයා දැන් බදාදට එන්නෙ නැද්ද මම පහුගිය සතියෙත් දැක්කෙ නෑ

අමාත්‍යංශ සේවිකාව-
එනව ඒත් උදේ 6 වෙනකොට අපි ඉන්න ඕනෙ. ඒක නිසා මේ බස් එකේ එන්න වෙන්නෙ නෑ. 

⁣මාගේ මිතුරිය -
අයියෝ ඒ මොකද ඒ උදේ 6ට ඇවිත් මොනා කරන්නද අප්ප. අපි මේ 8.30 ඇවිලත් උදේ වැඩියි.

අමාත්‍යංශ සේවිකාව-
නෑ අනේ බදාදනෙ අපේ මහජන දිනේ. ඇමතිතුමා කුකුල අතේ අරන් එන්න පටන්ගෙන. ඉතින් අපිත්ටත් එන්න වෙලා . දැන් මාස දෙකක් විතර ඇති. 

⁣මාගේ මිතුරිය -
අහ් ඒකත් එහෙමද .. ඉතින් 6ට ඇවිත් මොකද කරන්නෙ.

අමාත්‍යංශ සේවිකාව-
නෑ උදේ පාන්දර මිනිස්සු එනව දුර ඉදගෙන. ඒක නිසා වෙන්න ඇති. ඒකත් හොදයි අපිට අප්ප. ට්‍රෑෆික් නෑ . නිදහසේ එන්න පුලුවම්.

මම මේ කියන්නට යන්නේ මේ දෙදෙනාගේ ඕපාදූපය නෙවෙයි. පාර්ලිමේන්තුවේ 256 දෙනාගෙන් දුප්පත් මිනිහගේ දුක දන්න එක්කෙනෙක් හරි සිටිම ගැන සතුටට කරුනක්. මාගේ මිතුරියගෙන් පසුව ඒ ඇමතිගේ නම දැනගන්නට පුළුවම් උනා. ඇය කියපු  ආකාරයට ඉඩම් අමාත්‍යංශයේ වැඩ කරන්නෙ. එහෙනම් ඒ ඇමති ගයන්ත කරුණාතික විය යුතුයි මම හිතව.

අපට වැදගත් වෙන්නෙ ඇමතිවරයාගේ පක්ෂ පාට , නමවත් හැඩයවත් , පම්පොරියවත් නෙවෙයි  ඔහුගෙන් සිදුවියයුතු ජනතා සේවයයි යනුවෙනි.

මෙය සත්‍යයක් දැයි දැන ගැනීම සදහා ගොසිප්99 අප ගයන්ත කරුණාතිලක මහතාගේ සම්බන්ධීකරන ලේකම්වරයෙකුවන දේවින්ද ගුණසේකර මහතාගෙන් සිදුකල විමසීමකදී ඔහු සදහන් කලේ දැනට මාස කිහිපයකට පෙර සිටම ඇමතිවරයා සිය මහජන දිනය උදෑසන හයට ආරම්භකරන බවත් ඒ සදහා ඒ සම්බන්ධ සියලු කාර්ය මණ්ඩලය පැමිණිම අනිවාර්ය කර ඇති බවත්ය.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements